27 C
Colombo
19/01/2025

මාලිමා ආණ්ඩුවත් ණය ගණ්නවා.. බදු ඉහල දානවා.. IMF යනවා.. – හරිනි

Share with your friends :

ජාතික ජන බලවේගය ඉදිරියේදී පිහිටුවන රජයක් තුළ විදේශ සංචිත හිඟය පියවා ගැනීම සඳහා ණය ගැනීමට සිදුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.
ණය ගැනීම වරදක් නොවන බව පෙන්වා දෙන ඇය ගැටලුව වන්නේ ණය භාවිතා කරන ආකාරය බවද පෙන්වා දෙයි.

විදේශ ආයෝජන ද ශ්‍රී ලංකාවට අවශ්‍ය වන බවද පවසන ඇය එහිදී ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳව විශ්වාසනීයත්වයක් තම රජයක් යටතේ ඇති කරන බවද කියා සිටියි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන වර්තමාන වැඩපිළිවෙළ සිදු කරගෙන යාමට තම ආණ්ඩුවට ද සිදුවනු ඇති බවද පවසන ඇය තමා එය තම තේරීම නොවුනද ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සිදුකළ යුතු බවත් කියා සිටියාය.
බදු ඉහළ දැමීමට තමන් එකඟ බවත් පවසන ඇය රටක් පවත්වාගෙන යාමට බඳු නැතිව නොහැකි බවද නමුත් බදු ඉහළ දැමීමට නම් ආදායම ඉහල දැමීමද වැදගත් බව ද පවසන්නීය.
ජාතික ජන බලවේග රජයක අගමැති ධුරය සඳහා යෝජනාවී ඇත්තේ ඇයයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පළ කර තිබේ.

Share with your friends :