චීනය හා කිර්ගිස්තාන දේශසීමාව ආසන්නයේ බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්රබල භූ කම්පනයක් සිදුව තිබේ.
අද (23) අලුයම 2ට පමණ රික්ටර් මාපක 7.1ක ප්රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය සිදුව ඇත.
භූ කම්පනයත් සමඟ නිවාස ගනනාවක් කඩා වැටී ඇති අතර එරට දුම්රිය ගමන් වාර 27 ක් අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.
විදුලි රැහැන් පද්ධති කඩා වැටීම් හේතුවෙන් කලාපයේ විදුලි සැපයුම ද ඇනහිට ඇත. අනතුරටපත් පිරිස් සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වී නැත.
භූමිකම්පාවෙන් අනතුරුව ප්රබල පසුකම්පන 14 ක් සිදුව තිබේ. භූමිකම්පාව ඉන්දියාවේ නවදිල්ලි අගනුවරටද දැනී තිබේ.