27 C
Colombo
19/01/2025

කොළඹ සිනමා ශාලාවලින් මිලියන 49ක බදු පොල්ලක්

Share with your friends :

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සිනමා ශාලාවලින් 2019 වසරේ සිට 2023 වසර දාක්වා කාලයේදී රුපියල් මිලියන 49ක මුදලක් විනෝද බද්ද ලෙස ගෙවීමට ඇති බව කොළඹ මහ නගර සභාව කියා සිටී.

විනෝද බදු ආඥාපනත අනුව එක් සිනමා ශාලාවක ආදායමෙන් සියයට අටක (8%)ක මුදලක් විනෝද බද්ද ලෙස අදාළ නගර සභාවට හෝ මහ නගර සභාවට ගෙවිය යුතුය.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සිනමා ශාලා 46ක් පවතින අතර ඉන් 10ක් පසුගිය කාලයේ පැවැති කොවිඩ් වසංගත සමයේ වසා දමා තිබේ.

ඒ අනුව දැනට සිනමා ශාලා 36ක් පවත්වාගෙන යන අතර ඉන් සිනමා ශාලා 25කින් අදාළ විනෝද බද්ද ගෙවා නොමැති බව කොළඹ මහ නගර සභාවේ ආදායම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත් මෙලෙස අය විය යුතු මුදල් අදාළ සිනමා ශාලාවලින් අය කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකළද ඔවුන්ගෙන් බලහත්කාරයෙන් එම මුදල් ලබා නොගන්නා බවද ඔහු කීවේය.

ඊට හේතුව ලෙස කොළඹ මහ නගර සභාව පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ පැවැති කොවිඩ් වසංගත සමයේ සිනමා කර්මාන්තය විශාල පසුබෑමකට ලක් වූ බවයි.

එම නිසා අදාළ මුදල් සහන ක්‍රමයකට ලබාගන්නා බවද හෙතෙම පැවසුවේය.

Share with your friends :