27 C
Colombo
07/11/2024

ලොව පුරා ප්‍රභූවරුන් 7,000කගේ සභාගීත්වයෙන් විවෘත වෙන අයෝධ්‍යාහි රාම් මන්දිරය

Share with your friends :

උතුරු ඉන්දියාවේ, අයෝධ්‍යාහි ඉදිකරන ලද රාම් මන්දිරය අද (22) විවෘත කිරීමට නියමිතව තිබේ.රාම් මන්දිර් දේවස්ථානය ඉදි කර ඇත්තේ 1992 දෙසැම්බරයේ හින්දු මුස්ලිම් කෝලාහලවලින් පසු කඩා බිඳ දමා විනාශ කළ බබ්රි මුස්ලිම් පල්ලිය පිහිටි ස්ථානයේය.

හින්දු හිමිකම් නියෝජනය කරන අයට පක්ෂව 2019 දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමෙන් පසු දේවස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ විය. හින්දු විශ්වාසය අනුව, රාම් දෙවියන් උපන්නේ මෙම ස්ථානයේය.

විවෘත කිරීමේ උත්සවය අද පස්වරු 12.20ට ආරම්භ වීමට නියමිත අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඒ සඳහා එක්වීමට නියමිතය.

රාම් මන්දිරයේ සමාරම්භක උත්සවයට ලොව පුරා ප්‍රභූවරුන් සහ ආරාධිතයන් 7,000කට අධික සංඛ්‍යාවක් ඇරයුම් කර ඇති බව සඳහන් වේ.

අක්කර 70ක භූමි ප්‍රදේශයකින් යුත් අයෝධ්‍යා පුද බිමේ අක්කර 7.2ක භූමි ප්‍රමාණයක රාම් මන්දීරය ඉදිකර තිබේ.

එය මහල් තුනකින් සමන්විත වන අතර අද දිනයේ දී විවෘත වන්නේ එහි බිම් මහල පමණි.

ලොව පුරා විවිධ ආගම්වලට සහ සංස්කෘතීන්ට අයත් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නා ගමනාන්තයක් බවට රාම් මන්දිරය පත්වනු ඇති බව විදෙස් විචාරකයින් පෙන්වා දෙයි.

Share with your friends :