බ්‍රිතාන්‍ය රජ පවුලේ සාරා ෆර්ගසන් කුමරියට සමේ පිළිකාවක් ඇති බව සොයා ගෙන තිබේ.
බ්‍රිතාන්‍ය චාල්ස් රජුගේ සොහොයුරු ඇන්ඩ්රු කුමරුගේ දික්කසාද බිරිය වන ඇය ලොව පුරා ජනප්‍රිය චරිතයකි.
පසුගිය වසරේ ඇයට පියයුරු පිළිකාවක් වැලඳී ඇති බව හෙළිවූ අතර එයට සාර්ථකව ප්‍රතිකාර කර තිබිණි.
කෙසේ වෙතත් ඇය ගේ තත්වය යහපත් බවත් රෝගී තත්වයට ශක්තිමත්ව මුහුණ දෙන බවත් ප්‍රකාශවී තිබේ.
මේ සතිය තුල බ්‍රිතාන්‍ය රජ පවුලේ සෞඛ්‍ය තත්වයට සම්බන්ධ තුන් වන සිදුවීම මෙයයි.
චාල්ස් රජු මෙන්ම කේට් කුමරියද මේ වන විට රෝගීව සිටින බව නිවේදනය කර තිබේ.
previous post
next post