27 C
Colombo
18/01/2025

පොලිස් නිලධාරින් අතින් සිදුවන මරණ ගැන ස්වාධීන පරීක්ෂණ අවශ්‍යයි – සාලිය පීරිස්

Share with your friends :

පොලිස් නිලධාරින් අතින් සිදුවන මරණ ගැන විමර්ශනය කිරීමට ස්වාධීන පරීක්ෂණ අත්‍යවශ්‍ය බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් අවස්ථාවලදී පොලිස් නිලධාරීන් පුද්ගලයින් ඝාතනය කොට එය වසන් කිරීමට කටයුතු කරන බවයි.

“ඒකයි මම කියන්නේ පොලිසිය අතින් සිදුවන මරණ ගැන සොයන්න ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕන.”

“අපි දැකලා තියෙනවා සමහර අවස්ථා වලදී පොලිස් නිලධාරීන් පුද්ගලයින්ව ඝාතනය කරලා ඒක වසන් කරන්න කටයුතු කරනවා. ඒක එක කරුණක්.”

“දෙවැනි එක තමයි මට කියන්න තියෙන්නේ, මේ වගේ පොලිසිය අතින් මිනිස්සු ඝාතනය කරන්න පුලුවන් සංස්කෘතියක් දේශපාලන බලධාරින් සහ උසස් පොලිස් නිලධාරින් විසින් මේ අයව දිරිගන්වලා තියෙනවා.”

“ඒක නිසා ඕන දෙයකින් ගැළවෙන්න පුලුවන් කියන දේ හැදිලා තියෙනවා.”

“අනිත් අතින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩු තීන්දු ගණනාවක් ලබාදීලා තියෙනවා මේ වගේ සිදුවීම් ගැන.”

“මේ වගේ සිදුවීම් ගැන පොලිසියේම අය හෝ ඔවුන්ගේම උසස් නිලධාරින් කරන විමර්ශන වලින් සෑහිමට පත්වෙන්න බැරි නිසයි මම කියන්නේ මේ සිදුවීම් ගැන විමර්ශනය කරන්න ස්වාධීන පරික්ෂණයක් අවශ්‍යයි කියලා.” ජනාධිපති නිතීඥ සාලිය පීරිස් පැවසුවේය.

Share with your friends :