27 C
Colombo
18/01/2025

ජල සම්පාදන මණ්ඩලයේ ලොක්කෝ භාණ්ඩාගාරයටත් වංගු ගහලා ?

Share with your friends :

අමාත්‍යවරුන්ගේ නිල නිවාස එකොළහක ජල සම්බන්ධතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 46 කට ආසන්න මුදලක් දීර්ඝ කාලීනව හිඟව පැවතුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර ගාල්ල නගර සභාවේ නීති විරෝධී ජල සම්බන්ධතා දෙකක් සම්බන්ධයෙන් වසර 19ක සිට රුපියල් ලක්ෂ දාහතක මුදලක්ද කොළඹ නගර සභාවේ රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක්ද 2022 වර්ෂය අවසන් වනවිටත් අයකරගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.

වෙළඳ සහ අනෙකුත් ණයහිමියන්ගේ රුපියල් කෝටි 118 ක ණය ශේෂයක් 2022 දෙසැම්බර් 31 වැනිදා වනවිට පියවීමකින් තොරව පැවතුණ බව වාර්තාව සඳහන් කරයි.

තවද මණ්ඩලයේ සියයට අනූවකට වැඩි සේවක පිරිසක් රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂයක ණය සහ අත්තිකාරම් මුදල් අය කර ගැනීමෙන් තොරව විශ්‍රාම යෑමට ඉඩ සලසා තිබූ බව පවසන විගණන වාර්තාව මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට වාහන තුනක් සහ හිටපු උපසභාපතිවරයාට වාහන දෙකක් මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ලබාගෙන තිබූ බව ප්‍රකාශ කළේය.

මෙයට අමතරව මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට සහ උප සභාපතිවරයාට මසකට ඉන්ධන ලීටර් 150ට අමතරව රුපියල් 60,000ක ඉන්ධන අත්තිකාරමක්ද මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ගෙවා තිබූ බව එහි දැක්වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

Share with your friends :