27 C
Colombo
18/01/2025

පාම් ඔයිල් හා කටුපොල් ප්‍රචාරණ වැඩසටහන් යලිත්

Share with your friends :

ශ්‍රීලංකාව තුල කටුපොල් වගාව සහ පාම් ඔයිල් ප්‍රචලිත කිරීම සඳහා පාම් ඔයිල් ආනයනකරුවන් හා කටුපොල් වගා කරන සමාගම් එක්ව දැවැන්ත ප්‍රචාරණ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මේ මගින් මෙරට කටුපොල් වගාව නැවත්වීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අභියෝග කරමින් දැවැන්ත ප්‍රචාරණ වැඩපිළිවෙලක් දියත් කර තිබේ. මේ යටතේ කටුපොල් වගාව පරිසරයට හිතකර බවට ව්‍යාජ මතවාදයක් රට තුල ප්‍රචාරය කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. එසේම පොල්තෙල් වලට වඩා පාම් ඔයිල් ජනතාවට පෝෂ්‍යදායක බවට ප්‍රචාරය කිරීම මේ ප්‍රචාරක වැඩ පිළිවෙලේ තවත් අංගයකි. මෙම ප්‍රචාරණ වැඩසටහන සඳහා ප්‍රධාන පෙලේ කටුපොල් වගාකරුවන් කීප දෙනෙකු විසින් රුපියල් මිලියන ගණනින් වියදම් කරන බව සඳහන්ය. පාම් ඔයිල් භාවිතය මෙරට වැඩිවීම නිසා මෙරට ජනතාව තුල පසුගිය කාලයේ විවිධ රෝගාබාධ වැඩිවීමට විශාල වශයෙන් බලපෑ බව සඳහන්ය. කටු පොල් වගාව නිසා පස නිසරු වන අතර පසේ ජලය විශාල වශයෙන් උරා ගැනීම නිසා එම වතු පමණක් නොව එම ප්‍රදේශවල සෙසු වගාවන්ද පාළුවී ගොස් තිබේ. එසේම වතු සේවකයන් දහස් ගනනකට රැකියා අහිමිවීමටද කටු පොල් වගාව ඍජුවම බලපා තිබේ.

Share with your friends :