කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ලබන මාසයේදී සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ.
වෙනත් පක්ෂ වලින් ආණ්ඩුවට එක්වන කීපදෙනෙකුට මෙහිදී ඇමති ධුර ලැබෙනු ඇත. එසේම ඉදිරි මැතිවරණ ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකටද අමාත්‍ය ධුර හිමිවීමට නියමිතය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අමාත්‍ය ධුර සඳහා මන්ත්‍රී ලැයිස්තුවක් කලකට පෙර සිට ඉදිරිපත් කර තිබුණත් ඔවුනට ඇමැති ධූර පිරිනැමීමක් මෙතෙක් සිදු නොවීය.
වෙන් වෙන්ව පිහිටා ඇති සමහර ආයතන එක වහලක් යට ගැනීමද මෙම වැඩපිළිවෙළේ අරමුණක් බව පැවසේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලැබුණු පසු ජනතාවට යම් සහනයක් ලබා දෙන අතරේ කැබිනට් මණ්ඩලයේ යම් සංශෝධනයක් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.