27 C
Colombo
20/01/2025

Online පනතේ වගන්ති 57න් 31ක්ම ව්‍යවස්ථාවට පටහැණියි-අනාගතයේදී අහෝසි කරනවා

Share with your friends :

ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් 51ක් සලකා බලා ලබා දුන් තීන්දුව අනුව මෙම පනතේ වගන්ති 57කින් වගන්ති 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැණි බවත් මෙම පනතින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වලකාලීමට ආණ්ඩුව ක්‍රියා කරන බවත් ,සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ඇතැම් අවස්ථා වලදී දේශපාලනයේ යෙදෙනෙ පුද්ගලයින් විසින් විවිධ හිරිහැරවලට ලක් කරන බවත් දූෂිත තොරතුරුකරණයේ ගොදුරක් බවට තමන්ද පත්ව ඇති බවත් එසේ වුවද ලොව කිසිදු රටක සාර්ථක ලෙස මේ සමාජ මාධ්‍ය නියාමනය කරගන්නා ක්‍රමවේද නොමැති බවත් කරු පරණවිතාන මහතා ප්‍රකාශ කළේය.

දැනට ජනවරම අහෝසී වූ පොහොට්ටුව මූලික කරගත් පාලනයක් සිදුවුවද ඉදිරියේදී පැවැත්වෙන ජනපතිවරණය සහ මහමැතිවරණයෙන් නව ජනවරමක් අනිවාර්‍ය වශයෙන් බිහිවන බවද අහෝසිවූ ජනවරමකින් ගෙන එන පනතක් වැඩි කාලයක් නොපවතින බවද පෙන්වා දුන්කරු පරනවිතාන මහතා නව ආණ්ඩුවක් මගින් මෙම පනත අහෝසි කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන ලදී.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ තරුණයන් ගැන, අනාගතය ගැන, තාක්ෂණය ගැන ලොකුවට කතාකොට සිදු කරනුයේ කුමක්දැයි ප්‍රශ්න කළ ඒ මහතා ටිරාන් අලස් මහතාට ගෝඨාභයට අඳින්න හදන්න එපා යනුවෙන්ද ප්‍රකාශ කළේය.

එම මාධ්‍ය හමුවේදී ‘’මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත, එහෙමත් නැත්නම් ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්බන්ධයෙන් කතා කරද්දී මේ විසි එක්වෙනි සියවස කියලා කියන්නේ ඩිජිටල් යුගය. මේ යුගයේ දරුවෙක් ඉපදෙන්නෙත් ෆෝන් එකක් ලැප්ටොප් එකක්, ටැබ් එකක් අතේ තියාගෙන. ඒ තරමට ළමයි තාක්ෂණයට හුරු වෙලා තියෙනවා යැයි’’එක්සත් ජනරජ පෙරමුණේ තාරුණ්‍ය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික් කමිටු සාමාජිකා සහ කාන්තා කටයුතු සම සම්බන්ධිකාරක නීති ශිෂ්‍ය භාග්‍යා වීරකෝන් මෙනෙවිය අදහස් දක්වමින් ප්‍රකාශ කළහ.

එමෙන්ම යූ ටියුබර්ස්ලා, ශෝෂල් ඉන්ටුවන්ස්ලා තමන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කිරීම සහ දේශපාලන විචාරකයන්ගේ අදහස් පළකිරීම සමාජ මාධ්‍ය හරහා සිදුකරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් සිටිනුයේ පන්ති නායක පුටුවක කියා සිතා කටයුතු කරන බවත් එතුමා සිටිනුයේ විධායක බලතල ඇති පුටුවක බව එතුමාට අමතකව ඇති බවත් පැවසීය.

Share with your friends :