27 C
Colombo
19/01/2025

Arnold Schwarzenegger මියුනිච් ගුවන් තොටුපළේදී පැය තුනක් රඳවා ගෙන

Share with your friends :

ලොව ජනප්‍රියතම නළුවකු මෙන්ම ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර Arnold Schwarzenegger ජර්මානු මියුනිච් ගුවන් තොටුපළේදී පැය තුනක කාලයක් රඳවා ගෙන පසුව මුදාහැර තිබේ.
ඔහු රඳවා ගනු ලැබුවේ ඔහු පුණ්‍ය කටයුතු සඳහා වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබූ සුඛෝපභෝගී ඔරලෝසුවක් සම්බන්ධයෙන් රේගුවට ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම හේතුවෙනි.

අදාළ ඔරලෝසුව යුරෝපීය සංගමය (EU) තුළ විකිණීමට අදහස් කර ඇති බැවින් බදු පැහැර හැරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.
යුරෝපා සංගමයේ නීතිවලට අනුව,යුරෝ දසදහසට වැඩි “මුදල් හෝ වටිනා භාණ්ඩ රැගෙන පැමිණෙන ඕනෑම අයෙකු එය රේගුවට ප්‍රකාශ කළ යුතුය.

Arnold Schwarzenegger ට අවසානයේ බදු ගෙවීමට හැකි වූ නමුත් ඒ ගැටලු ගණනාවකට මුහුණ දීමෙන් පසුවය.

Share with your friends :