27 C
Colombo
19/01/2025

ජපන් මුදල් ඇමතිගෙන් තවත් අණක් ? JR ජයවර්ධනට කළගුණ සලකයි

Share with your friends :

ලබන සැප්තැම්බර් මාසය වන විට ජපානයෙන් මෙරටට වාහන ආනයනය යලි ආරම්භ කල යුතු බව ජපානය මෙරටට දන්වා ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති.
පසුගියදා ශ්‍රීලංකාවේ සංචාරය කල ජපාන මුදල් ඇමතිවරයා මෙම දැනුම්දීම කර තිබේ. වාහන ආනයනය ආරම්භ කළහොත් යලිත් ඩොලර් අර්බුදයක් ඇතිවීම වැළක්විය නොහැක.
ජපානයෙන් ණය ලබාදීමට නම් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සඳහා ගිය වියදම නැවත ලබාදිය යුතු බව ජපාන මුදල් ඇමතිවරයා එම සංචාරය අතරතුර පවසා තිබිණි.
ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානය යලි ගොඩනැගීමට “නහී වේරේන වේරානී” බුද්ධ වචනය භාවිත කරමින් ලෝකය ඉදිරියේ ජපානයට කල සේවයට මේ ආකාරයෙන් ශ්‍රීලංකාවට සැලකීම බොහෝ දෙනාට පුදුමයක්වී තිබේ.

Share with your friends :