27 C
Colombo
19/01/2025

ටෙලිකොම් මිලදී ගන්න ඉන්දියාව , චීනය හා ලයිකා මොබයිල් තරගයක්

Share with your friends :

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මිලදී ගැනීම සඳහා සමාගම් තුනක් තරඟ වැද සිටිති.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාදාමය යටතේ එහි කොටස් ආයෝජනය සඳහා සුදුසුකම් ප්‍රකාශ කළ සමාගම් තුනක් සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය විසින් ඇගයීම් සිදු කිරීමට නියමිතය.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ මෙම සමාගමේ රජය සතු කොටස් සඳහා ආයෝජනය කිරීමට සුදුසුකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය පසුගිය සිකුරාදා (12දා) අවසන් වූ අතර ඒ අනුව ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝම්ස් සමාගම, ෆෝචූන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් සමාගම සහ පෙටිගෝ කොමසියො ඉන්ටර්නැෂනල් නමැති ආයතන ත්‍රිත්වය අදාළ සුදුසුකම් ප්‍රකාශ කිරීමේ ඉල්ලුම් පත් යොමු කර ඇති බව වාණිජ ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙයින් ඉන්දියානු ජියෝ ප්ලැට්ෆෝම්ස් සමාගම ඉන්දියාවේ ප්‍රබලතම ව්‍යවසායක පවුලක් වන මුකේෂ් අම්බානි පවුලට අයත් රිලයන්ස් සමාගමේ හිමිකාරීත්වය යටතේ පවතින ආයතනයක් වන අතර පෙටිගෝ කොමාෂියෝ ආයතනයේ හිමිකාරීත්වය දරන්නේ දැනට ස්වර්ණවාහිනිය ඇතුළු ඊටීවී මාධ්‍ය ජාලයේ හිමිකාරීත්වය දරන අල්ලිරාජා සුබාෂ්කරන්ට හිමි ලයිකා මොබයිල් ව්‍යාපාරයයි.එම සමාගම අයත් සමාගම් සමුහය ලයිකා මොබයිල් නමින් රටවල් රැසක ජංගම දුරකථන සේවා පවත්වා ගෙන යයි.
මෙම සමාගම්වලට අමතරව ෆෝචූන් ග්ලෝබල් නමැති සමාගමක්ද සිය සුදුසුකම් ඉදිරිපත් කර ඇත.
ෆෝචූන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් සමාගම නමින් චීන රජයට අයත් සමාගමක් පවතින අතර ටෙලිකොම් ආයතනය මිලදී ගැනීමට උත්සහ දරන්නේ එම සමාගම දැයි තවමත් හෙළිවී නැත.

Share with your friends :