27 C
Colombo
19/01/2025

දස දහස් ගණන් බෲනායි තරුණියන්ගේ සිහින බොඳ කල මනමාලිය

Share with your friends :

බෲනායි හි අබ්දුල් මාටින් කුමරු රාජකීය විවාහ මංගල්‍යයකදී ඔහුගේ පෙම්වතිය යැං මුලියා අනීෂා රොස්නා සමඟ විවාහ වී තිබේ. රාජකීය විවාහ උත්සවය දින දහයක් පුරා පැවැත්වේ.
අබ්දුල් කුමරු පසුගිය දෙසැම්බර් මාසයේදී යැං මුලියා අනීෂා රොස්නා සමඟ ඔහුගේ සම්බන්ධතාවය සහ විවාහ ගිවිස ගැනීම හෙළි කළේය.
බෲනායි වැසියන් මෙන්ම ලොව පුරා ජනතාව මෙම නිවේදනය පුදුමයට පත් කළේය.බෲනායි තරුණියන්ගේ සිහින කුමරා ලෙස හඳුන්වන්නේ අබ්දුල් කුමරුය.
මනාලිය බෲනායි හි නායක සුල්තාන් හසනල් බොල්කියාගේ උපදේශකයෙකුගේ මිනිබිරියකි.
ඇය විලාසිතා සහ සංචාරක සමාගමකට හිමිකම් කියන බව වාර්තා වේ.
ඉස්තානා නුරුල් ඉමාන් මාලිගයේ පැවති උත්සවය සඳහා 32 හැවිරිදි අබ්දුල් මාටින් කුමරු චාරිත්‍රානුකූල නිල ඇඳුමෙන් සැරසී සිටි අතර ඔහුගේ 29 හැවිරිදි මනාලිය දිගු සුදු ඇඳුමකින් හා ස්වර්ණාභරණවලින් සැරසී සිටියාය.
විවාහ උත්සවයට අමුත්තන් 5,000ට සෞදි අරාබියේ සහ ජෝර්දානයේ රාජකීයයන් මෙන්ම ඉන්දුනීසියාවේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සහ පිලිපීනයේ නායක ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් ද ඇතුළත්ය.
මෙම යුවළ විවාහක යුවළක් ලෙස ඔවුන්ගේ පළමු ප්‍රසිද්ධියේ පෙනී සිටි අතර, විවෘත රෝල්ස් රොයිස් රථයක පිටුපස සිට දහස් ගණනක් සුභ පැතුම් පිරිනමමින් අගනුවර වන බන්ඩාර් සේරි බෙගවාන් හරහා ගමන් කළහ.
අබ්දුල් මතීන් කුමරු සහ යැං මුලියා අනීෂා රොස්නා බෲනායි අගනුවර බන්ඩාර් සේරි බෙගවාන් හි ඔවුන්ගේ මංගල පෙරහැරේදී මහජනතාවට සුබ පැතූහ.
32 හැවිරිදි අබ්දුල් මාටීන් කුමරු ඉස්ටග්‍රෑම් සහ ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය චරිතයකි. අබ්දුල් මාටීන් කුමරු ජනප්‍රිය වී සිටින්නේ ඔහුගේ කඩවසම් පෙනුම නිසාත්, හමුදා නිලධාරියකු වීම නිසාත්ය. ආසියානු තරුණියන්ගේ ‘වඩාත් ආකර්ශණය දිනූ තනිකඩයා’ ලෙස ද අබ්දුල් මාටීන් කුමරු කලක් ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

Share with your friends :