27 C
Colombo
19/01/2025

ඩෙන්මාර්කයේ නව රජු ලෙස X Frederik රාජ්‍යත්වයට

Share with your friends :

ඩෙන්මාර්කයේ නව රජු ලෙස X Frederik අද රාජ්‍යත්වයට පත්වූ අතර නව රජු නැරඹීමට දස දහස් ගණන් ජනතාව පැමිණ සිටියහ.

ෆ්‍රෙඩ්රික් රජු ක්‍රිස්ටියන්ස්බෝර්ග් මාලිගාවෙන් පිටත ඔල්වරසන් දෙමින් සිටි පිරිස ඇමතුවේය.

වසර 52 ක් පුරා රජකම් කල පැයකට පෙර නිල වශයෙන් ඉල්ලා අස් වූ දෙවැනි මාගරීටා රැජින එනම් තම මවට ද රජු ප්‍රශංසා කළේය.
වසර 800කට පසු ස්වේච්ඡාවෙන් රාජ්‍යත්වය අත්හල පළමු ඩෙන්මාර්ක රැජින ඇයයි.
වසර 52ක කාලයක් ඩෙන්මාර්කය පාලනය කළ දෙවැනි මාගරීටා රැජින අද (14) සිට විශ්‍රාම ගොස් තිබේ.

ඇය ධුරයෙන් විශ්‍රාම යාම සහ එරට නව රජු ලෙස ඇගේ වැඩිමහල් පුතු වන ෆෙඩ්‍රික් කුමරුගේ පදවිප්‍රාප්තිය ද යෙදී ඇත්තේ අද දිනයේදීමය.

මෙම අපූරු ඓතිහාසික සිදුවීම දැකගැනීමට එරට ජනතාව මේ වනවිට කෝපන්හේගන් අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආසන්නයට රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

55 හැවිරිදි කිරුළ හිමි කුමරු සහ ඔහුගේ බිරිඳ වන ඔස්ට්‍රේලියාවේ උපන් මේරි කුමරිය නව රජු සහ රැජින ලෙස කිරුළු පැළඳීම වඩාත් විචිත්‍රවත් ලෙස පැවැත්විණි.

තමන් ධුරයෙන් ඉවත්වන බව රැජින නිවේදනය කළේ 2024 නව වසර වෙනුවෙන් ජාතිය අමතමින් කළ ප්‍රකාශය අතරතුරය.

ඇය ඉතිහාසයට එක්වන්නේ වසර 900ක ඩෙන්මාර්ක රාජ්‍ය ධූරාවලිය තුළ රාජකීයත්වය අත්හළ පළමු අධිරාජ්‍යයා ලෙසය.

1972 වසරේදී තම පියා වූ 9 වැනි ෆ්‍රෙඩ්රික් රජුගේ අභාවයෙන් පසු රාජකීයත්වයට පත්වූ මාගරීටා රැජින 83 හැවිරිදි වියේ පසු වේ .

Share with your friends :