27 C
Colombo
24/11/2024

ටින් අංකය හදන්න 10,000ක් ගෙවන්න වෙලා- ඕමල්පේ සෝභිත හිමි

Share with your friends :

ආදායම නැති පුද්ගලයෙකු වූවත් ටින් අංකය ලබාගත් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එන පෝරමය පිරවීමට සාමාන්‍ය පුද්ගලයෙකුට නොහැකි වන අතර ඒ සදහා ආදායම් බදු උපදේශකයෙකුගේ සහය ලබාගත යුතුබවත් ඒ සදහා එක් අයෙකු අඩුම තරමේ රුපියල් දසදහසකවත් මුදලක් බදු සෑදීම සදහා ගෙවිය යුතු බවත් පූජ්‍ය ඕමල්පේ හිමියන් පවසයි.

කෙසේ වූවද මේ සම්බන්ධයෙන් මෙවැනි කාරණාවලදී විරෝධතා දැක්වු ඇතැම් පිරිස් නිහඩව ඉන්නේ මන්දැයි ප්‍රශ්නයක් ඇති බව උන් වහන්සේ කීය.

කෙසේ වෙතත් මෙම ටින් අංකය තරුණයින් විසින් වර්ජනය කල යුතු බවද තවදුරටත් ඕමල්පේ සෝභිත හිමියන් කීය.

ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් නා හිමියන් මෙම අදහස් පල කලහ.

Share with your friends :