හිටපු ජනපතී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළි ශ්රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ කර ගැනීමේ වැඩ පිළිවෙල කඩිනමින් ක්රියාත්මක වන බවට තොරතුරු වාර්තා වනවා.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක ලෙස කටයුතු කළ කුමාරතුංග මහත්මියව විනය කරුණු මත පක්ෂයේ කටයුතු වලින් ඉවත් කර තැබීමට මීට කලකට පෙර ශ්රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර තිබුණා.
එම තීන්දුව ගනු ලැබුවේ මේ වන විට මහ ලේකම් ධූරයෙන් ඉවත් කොට ඇති දයාසිරි ජයසේකර මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය දරන අවස්ථාවේදීයි.
ඒ අනුව කුමාරතුංග මහත්මියව පක්ෂයේ සියලු කටයුතු වලින් ඉවත් කර තැබීමට පියවර ගෙන තිබුණා.
එහෙත් මේ වන විට හිටපු ජනපති චන්ද්රිකා කුමාරතුංග මහත්මියව යළි ශ්රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ කරගෙන ඇයව ශ්රී ලංකා නිදහස් පක්ෂය මුල් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉහළම ධූරයකට පත් කිරීමට සූදානමක් තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.