27 C
Colombo
19/01/2025

යුද්ධයකට සුදානම් වන්න – සාමකාමී ස්වීඩනය ජනතාවට කියයි

Share with your friends :

අනාගතයේදී ඇතිවිය හැකි යුද්ධයක් සඳහා සුදානම් වන ලෙස ස්වීඩන රජය එරට ජනතාවට දැනුම්දී තිබේ.
වසර 210 ක් තිස්සේ සාමකාමී රටක් ලෙස කිසිදු පාර්ශවයකට සම්බන්ධ නොවුණු ස්වීඩනය මේ වසරේ නේටෝ සංවිධානයට ඇතුළත්වීමට නියමිතය.
එහෙත් රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුරෝපයේ රටවල් ගණනාවකට ඇතිවූ අනාරක්ෂිත තත්වය නිසා නේටෝ සංවිධානය වෙත බැඳෙන්නට ස්වීඩනය තීරණය කළේය.
අවසන් වරට ස්වීඩනය යුද්ධයකට අවතීරණය වී ඇත්තේ 1814 දී නෝර්වේ සමගය. ඒ තමන්ටම පාර්ලිමේන්තුවක් හා ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම සඳහාය. එතැන් සිට කිසුදු පාර්ශවයක් නොගත් ස්වීඩනය දෙවන ලෝක යුද්ධයේදී පවා නිර්පාක්ෂික විය.
ස්වීඩනය රුසියාව සමග මුහුදු සීමා පවතී.

Share with your friends :