27 C
Colombo
18/01/2025

සෞඛ්‍ය කාර්යමණ්ඩල ඒකාබද්ධව වර්ජනයක්

Share with your friends :

වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට විරෝධය පළ කරමින් අද (11) පෙරවරු 6 සිට සියලු රෝහල් පරිපාලන නිලධාරීන්, කණිෂ්ඨ සෞඛ්‍ය කාර්යමණ්ඩල ඒකාබද්ධව වර්ජනයක් දියත් කරන බව සෞඛ්‍ය වෘත්තිය සංගම් පවසා තිබේ.

මේ අතර අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පෙරවරු 8.00 සිට පැය 48ක සංකේත වර්ජනයක් දියත් කළේය.

මේ හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවට පත්වූ අතර ඩෙංගු හා සරම්ප මර්දන වැඩසටහන් ද ක්‍රියාත්මක වූයේ නැත.

වෛද්‍යවරුන් සඳහා වන ‘ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව’ හෙවත් ඩැට් දීමනාව රුපියල් 35,000කින් ඉහළ නැංවීමට රජය ගත් තීරණයට විරෝධය පළකරමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් ඊයේ ආරම්භ කළ පැය 24ක සංකේත වැඩවර්ජනය අද උදෑසන අවසන් කෙරුණි.

කෙසේවෙතත් අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ ඊයේ පෙරවරු 8ට සිය සේවාවලින් ඉවත්ව ගියේ පැය 48ක් සංකේත වර්ජනයක් ආරම්භ කරමිනි.

ඒ වෛද්‍යවරුන්ට පමණක් ‘ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව’ හෙවත් ඩැට් දීමනාව වැඩිකිරීමට විරෝධය පළකරමිනි.

වර්ජනයට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා අක්ෂි තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය, ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ආදී වෘත්තිය සංගම් 10ක් එක්වුණි.

ඊට 25,000ක පමණ සෞඛ්‍ය සේවකයින් අයත් ය.

කෙසේ වෙතත්, ළමා රෝහලේ, පිළිකා රෝහලේ, මාතෘ රෝහල්වල, වකුගඩු රෝහල්වල, මධ්‍යම ලේ බැංකුවේ සහ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මෙම වර්ජනය ක්‍රියාත්මක නොවීය.

වර්ජනය හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල් වෙත පැමිණි රෝගීන් ඊයේ දැඩි අපහසුතාවයට පත්වුණි.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය ද අසනීප නිවාඩු වාර්තා කරමින් ඊයේ වර්ජනයට එක්වී තිබුණි.

එහි සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවේ
ද සොයිසා කාන්තා රෝහල, කාසල්වීදීයේ කාන්තා රෝහල සහ කේතුමතී කාන්තා රෝහලේ වර්ජනය ක්‍රියාත්මක නොවන බවය.

එමෙන්ම, අනෙකුත් රෝහල්වල සූතිකාගාරවල හා මාතෘ ඒකකවල නිලධාරිනියන් හදිසි සේවා සඳහා පමණක් යොදවා තිබේ.

මෙම වර්ජනයට සමගාමීව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඊයේ පෙරවරු 7 සිට අද උදෑසන 7 දක්වා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.

එමෙන්ම රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී වර්ජනයට සමගාමීව උද්ඝෝෂණයක් ද සංවිධානය කළේය.

මේ අතර වර්ජනයේ නිරත සියලු වෘත්තීය සංගම් ඊයේ පස්වරුවේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීය.

Share with your friends :