ආගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කළේ යැයි චෝදනාවට බන්ධනාගතව සිට ඇප මත මුදාහැර සිටින ආගමික නායකයෙක් යැයි කියන පුද්ගලයකු කොළඹ පැවැත්වූ සාදයකට සහභාගි වූ බන්ධනාගාර කොමසාරිස්වරයෙක් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා කරුණු විමසා තිබේ.
මෑතකදී බන්ධනාගාර කොමසාරිස් තනතුරට පත්වූ අදාල නිලධාරියා සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මහතා බන්ධනාගර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට පැමිණිලි කර තිබේ.
අදාල බන්ධනාගාර කොමසාරිස්වරා එම සාදයට සහභාගි වී සිටි ආකාරය ජනමාධ්‍යවල ප්‍රචාරය වීමෛන් ඒ පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් වී ඇති අතර අමාත්‍යවරයා එම නිලධාරියා ක්රියාකළාපය සම්බන්ධයෙන් බන්ධනාගර කොමසාරිස් ජනරාල්වරයාට දැඩි කණගාටුව පළකර ඇති බව ද දැනගන්නට තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධ) ගාමිණී බී. දිසානායක මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ අධිකරණ අමාත්‍යවරයා මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් පසුව බන්ධනාගර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එම සාදයට සහභාගි වූ කොමසාරිස්වරියාගෙන් කරුණු විමසා අවවාද කළ බවයි.
previous post