27 C
Colombo
19/01/2025

අනියම් ප්‍රේමය කඩු පහරකින් කෙලවර වූ සැබෑ හේතුව මෙන්න

Share with your friends :

අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම අසළදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ පිළියන්දල මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මව
සම්බන්ධ සිදුවීම අනියම් ඇසුරක් සම්බන්ධ ගැටලුවක් මුල්කරගෙන සිදුවූ ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වේ. දුලාංජලී අනුරුද්ධිකා මාපිටියගේ නැමැති 39 හැවිරිදි කාන්තාව ඝාතනය කර තිබුණේ අනියම් පුරුෂයා බව පොලිසියට තොරතුරු ලැබී ඇත. ඔහු එල්ලාවල ලියනගේ ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා නැමැති 47 හැවිරිදි කොළඹ බම්බලපිටියේ ප්‍රසිද්ධ වෙළෙඳ සංකීර්ණයක කාර්යාලයක් පවත්වාගෙන යමින් වීසා උපදේශන සේවාවක් ලබා දෙමින් සිටි අයෙකි ඔහුගේ වැඩිමල් සොයුරා විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා නොහොත් ධර්මසිරි යන අයයි.
ඝාතනයෙන් අනතුරුව ඔහු විදේශ රටකට පලායෑමට සඳහා සූදානම්ව ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් අතර පොලිසිය
සැකකරුට විදේශ ගමන් තහනමක් ද පැනවීය.
මේ වනවිට සැකකරු පොලිස් අත්අඩංගුවේ සිටිමින් පොලිසියට සිද්ධිය විස්තර කර ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කාර්යාල ප්‍රවාහන සේවයකට අයත් වාහනයක නිති පතා කාර්යාලයට යන සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවිකාවක වන දුලාංජලී අනුරුද්ධිකා 39 හැවිරිදි එක් දරු මවක මෙම සිදුවීම නිසා මරණයට පත්විය.
කහතුඩුව පිවිසුමෙන් බැස බස් රථයෙන් සිය නිවස බලා ගමන් කරන අවස්ථාවේ මග රැක සිටි පුද්ගලයෙක් ඇගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.‍
තුවාල ලද කාන්තාව වෑතර රොහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ සැමියා හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍ය සේවාවක් පවත්වාගෙන යන වෛද්‍යවරයෙකු බවත් පැවසේ.

ඝාතනයට පැමිණි වාහනය මෙන්ම ඝාතකයා ද හඳුනාගන්නට පොලිසියට පැය කිහිපයක් තුළ හැකිවිය. ඝාතනය සිදු කළ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් අතර ඝාතනයෙන් අනතුරුව ඔහු විදේශ රටකට පලායෑමට සඳහා සූදානම්ව ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී හසුවී තිබේ.
සැකකාර ඝාතකයා කොළඹ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ වීසා උපදේශන සේවාවක් පවත්වාගෙන යන්නෙකු බවත් ඔහු රත්මලානේ පදිංචිකරුවෙකු බවත් හෙළිව තිබේ. ඝාතකයා පැමිණ ඇත්තේ අනුරාධපුරයේ ලියාපදිංචි වාහනයකය. මෙම ඝාතකයාගේ සොයුරා සංවිධානාත්මක අපරාධකරුකු සහ ප්‍රබල පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවද හෙළිව ඇත.

කහතුඩුව අධිවේගී පිවිසුම අසල දී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර රටින් පිට වීමට උත්සාහ දැරූ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.

සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ කහතුඩුව පොලීසිය, සැකකරුගේ ඡායාරූපයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පිහිටුවා ඇති මුහුණු හරහා පුද්ගලයන් හඳුනාගැනීමේ ඒකකයට ලබාදීමට පියවර ගෙන ඇත.

එවන් පසුබිමක සැකකරු 9 රාත්‍රියේ 10යි 35ට පමණ කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇත්තේ, මැලේසියා ගුවන් සමාගමට අයත් MH – 178 ගුවන් යානයෙන් මැලේසියාව බලා යෑම සඳහායි.

ඒ අතරතුර දී මුහුණු මගින් පුද්ගලයන් හඳුනාගැනීමේ කැමරා පද්ධතිය මගින් සැකකරු හඳුනාගෙන තිබේ.

එහි දී ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරින් සැකකරුගෙන් ගුවන් ගමන් බලපත්‍රය ඉල්ලා ඇති අතර සැකකරු පවසා ඇත්තේ, තමන් සිය බිරිය සමඟ විදෙස්ගත වීමට පැමිණි බවත් ගුවන් ගමන් බලපත්‍රය ඇය සතු ව ඇති බවත්ය.

කෙසේ වෙතත් දිගින් දිගටම සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී සැකකරු ඔහුගේ ගුවන්ගමන් බලපත්‍රය විමර්ශන නිලධාරීන්ට ලබා දී ඇත.

එහි දී සැකකරු පිළිබඳ තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු ව ඔහු ව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

47 හැවිරිදි ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා නමැති සිව් දරු පියෙකු වේ.

ඔහු වීසා උපදේශන ආයතනයක් සහ ඉදිරිකිරීම් සමාගමක් පවත්වාගෙනයන අයෙකු බව සඳහන්ය.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ පාපෝච්චාරණය කර ඇත්තේ, සිය බිරිය මීට වසර දෙකකට පමණ ඉහත දී දරුවන් සිව් දෙනා සහ තමන් අත්හැර වෙනත් පුද්ගලයෙකු සමඟ ගොස් ඇති බවයි.

ඉන් පසු ව ඝාතනයට ලක් වූ කාන්තාව සමඟ වසර දෙකකට පමණ ඉහත දී සමීප සබඳතාවක් ඇරඹූ බවත් බොහෝ දිනවල දී තමන් කහතුඩුව අධිවේගී පිවිසුම අසලට මෝටර් රථයෙන් පැමිණ සේවය නිමවා පැමිණෙන ඇය ව ඇයගේ නිවස අසලට ඇරලවන බවත් ඔහු පවසා තිබේ.

ඝාතනය සිදුවූ දිනයේ දුරකථනයෙන් ඇය සමඟ බහින්බස් වීම් ඇති වූ බව ද සැකකරු පවසා ඇත.

ඒ අනුව සුපුරුදු පරිදි ඝාතනය සිදුවූ දිනයේ පස්වරුවේ ද ඇයව රැගෙන ඒම සඳහා ගිය ද ඇය ත්‍රිරෝද රථයකින් යෑමට උත්සහා කිරිමේ දී ඇති වූ කෝපය හේතුවෙන් තම මෝටර් රථයේ වූ තියුණු ආයුධයක් ගෙන ඇගේ ගෙලට පහරවල් දෙකක් එල්ල කළ බව ද සැකකරු පාපොච්චාරණය කර තිබේ.

ඝාතනය කිරීමේ අරමුණින් ඇයට පහර නොදුන් නමුත් පසු ව ඇය මිය ගොස් ඇතැයි දැනගැනීමට ලැබුණු බව ද ඒ අනුව විදෙස්ගත වීම සඳහා ගුවන්තොටුපළට පැමිණි බව ද සැකකරු පවසා ඇති බව පොලීසිය සඳහන් කරයි.

වැඩිදුරටත් සිදු කෙරුණු විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, සැකකරු ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා ඝාතනය කරන බවට ඇයට අවස්ථා ගණනාවක දී තර්ජනය කර ඇති බවයි.

ඒ හේතුවෙන් සැකකරු හා අදාළ කාන්තාව සමඟ ආරවුල් ඇති වී තිබෙන බවත් සැකකරුගේ තර්ජන හමුවේ කාන්තාව සිය සැමියා සමඟ විදෙස්ගත වීමට ද සූදානමින් සිට ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මේ අතර, ඝාතනය සඳහා සැකකරු පැමිණි මෝටර් රථය කහතුඩුව පොලීසිය අද දහවල් සැකකරුගේ බෙක්කාගම නිවස ඉදිරිපිට තිබිය දී සොයාගෙන ඇත.

මේ අතර, සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.

Share with your friends :