27 C
Colombo
18/01/2025

කසකස්ථානයටත් තානාපති කාර්යාලයක්- වසා දැමූ විදෙස් දූත කාර්යාලත් නැවත අරී

Share with your friends :

කසකස්ථානයේ අස්ථානාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සකස්ථානයේ සිට ශ්‍රී ලංකාවට සිදුවන සංචාරක පැමිණීමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බැවින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් එහි පිහිටුවීම, දෙරට අතර සංචාරක හා සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා උපකාරී වන බව රජය පවසයි.

ඒ අනුව එහි තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත
විදේශයන් හි දූත මණ්ඩල කාර්යාල නැවත විවෘත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ අතර 2021/2022 කාල පරිච්ඡේදයේ තාවකාලිකව වසා දමන ලද මෙම දූත මණ්ඩල කාර්යාල නැවත විවෘත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇතැයි රජය කියයි.

අනුව සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සර් ජෙනරල් කාර්යාලය, ඉරාකයේ බැල්ඩෑඩ්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට්හි ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය මෙලෙස නැවත විවෘත කරනු ඇත.

Share with your friends :