ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව 2025 ජනවාරියේ මහ මැතිවරණය පැවැත්වීමටද 2025 මාර්තු මාසයේ පළාත් සභා මැතිවරණයද පවත්වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එජාප කළමනාකරණ කමිටුවේදී අද (09 දා) ප්රකාශ කර තිබේ.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත්වන බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ,
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කළේය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එජාප කළමනාකරණ කමිටුව පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ ප්රථම රැස්වීම 13 දා ගාල්ලේදී පැවැත්වේ.