27 C
Colombo
22/09/2024

ශ්‍රීලනිපය කිරි උතුරුවා වැඩට බසී – මෛත්‍රී චන්ද්‍රිකා එක්වෙති

Share with your friends :

උදාවූ 2024 නව වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජකාරී ආරම්භ කිරීම පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. කිරි ඉතිරවීමේ චාරිත්‍රය සිදු කරමින් නව වසරේ රාජකාරී ආරම්භ කිරීම සිදු කෙරිණි. නව වසර වෙනුවෙන් පැමිණ සිටි පක්ෂයේ සියලු දෙනාට සුබ පැතූ හිටපු ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කතාබහකද නිරත විය. ඉන් අනතුරුව පක්ෂයේ සියලු දෙනා සමඟ තේ පැන් සංග්‍රහයකටද එක් විය. එම අවස්ථාවට සභාපතිවරුන් වන නිමල් සිරිපාලද සිල්වා මහින්ද අමරවීර ලසන්ත අලගියවන්න දුමින්ද දිසානායක හා පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සභභාගී විය.
මේවන විටත් පොදුජන පෙරමුණේ පිරිසක් ශ්‍රීලනිපය සමඟ සන්ධාන ගතවී කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇත. එම නව සන්ධානයේ ලකුණ සහ නම එළිදැක්වීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රීලනිපයට එක් කර ගැනීමේ සාකච්ඡා සාර්ථක වී ඇති අතර එම කටයුතු ලබන සතියේදී අවසන් කර හිටපු ජනාධිපතිනිය සමග පක්ෂ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතය.

Share with your friends :