27 C
Colombo
19/01/2025

විදුලි බිල ගැන පාර්ලිමේන්තුවට යෝජනාවක්

Share with your friends :

විදුලිය බිල පසුගිය වසරේදී වැඩි වූ ප්‍රමාණය ( සියයට 18) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කිරීමට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර ඇත.

අධික වර්ෂාපතනය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය ලැබූ ලාභය ජනතාවට උපරිමයෙන් ලබාදිය යුතු බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පැවසීය.

සූරිය පැනල වැට් බද්දෙන් නිදහස් කිරීමටද එම කමිටුව යෝජනා කරයි.

සාමාන්‍ය විදුලි පාරිභෝගිකයින් මෙන්ම නිෂ්පාදන කර්මාන්ත කරුවන් හා අපනයන නිෂ්පාදන කර්මාන්තකරුවන් විදුලි ඒකකයක මිල ඉහළ යෑම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

වසරකට උපරිම දෙවතාවක් පමණක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමටද විදුලි ගාස්තු ගෙවීමේදී පැකේජ ක්‍රමයක් හඳුවන්වා දීමටද පාර්ලිමේන්තුවට යෝජනා කරන බව ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

Share with your friends :