27 C
Colombo
22/09/2024

රොෂාන් රණසිංහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ ආරම්භ කරයි

Share with your friends :

හිටපු ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ තම නායකත්වයෙන් පක්ෂයක් ආරම්භ කර තිබේ.
මෝටර් කාරය සලකුණ යටතේ ලියාපදිංචි කර ඇති ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ යටතේ රොෂාන් රණසිංහ නව දේශපාලන ගමන ආරම්භ කිරිමට සැලසුම් කර ඇත. ගෝමිත යසස් විජේසිරි එහි ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර සභාපති ලෙස රුවන්ගනි චමින්ද්‍ර කටයුතු කරයි.

මන්ත්‍රිවැටුප,ඉන්ධන දිමනා,දුරකථන දිමනා, කාර්යාල දිමනා, දුරකථන දිමනාව ඇතුඵ දිමනා මෙන්ම රජයෙන් ලබා දෙන නිළනිවාස, මන්ත්‍රිවරුන්ට ලබා දෙන තිරුබදු සහිත වාහන බලපත්‍රය ප්‍රභු ආරක්ෂාව ප්‍රතික්ෂේප කිරිම පාර්ලිමේන්තු ආපනශාලාවෙන් ආහාර නොගැනිම රජයේ වාහන භාවිතා නොකිරිම රජයේ මුදල්වලින් විදේශ සංචාර නොයෑම ආදි ජනතාවාදී ප්‍රතිපත්ති ගණනාවක් එම පක්ෂ ව්‍යවස්ථාවට ඇතුලත් කර තිබේ.එම පක්ෂයේ කාර්යාලය නුගේගොඩ ආශ්‍රිතව විවෘත කිරිමට නියමිතය.

Share with your friends :