27 C
Colombo
22/09/2024

ව්‍යවස්ථානුකූලව බලය බෙදන්න සූදානම් – ජනපති

Share with your friends :

ව්‍යවස්ථානුකූලව බලය බෙදීමට තමා සූදානම් බවත්, ආර්ථීකය නිවැරදි මඟකට යොමුකිරීම සඳහා ජනප්‍රිය නොවන තීන්දු ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
‘මම ව්‍යවස්ථාව අනුව බලය බෙදා හැරීමත් කරනවා. එතකොට ඒ පළාත් නායකත්වය ගන්න ඕන. මධ්‍යම ආණ්ඩුවට බැන බැන ඉන්න බැහැ. සමහර විට මට අමාරු තීරණ ගන්න වෙයි. ජනප්‍රිය නොවන තීරණ ගන්න වෙයි. ඒ හැම එකක්ම කරන්නේ ආර්ථිකය ස්ථාවර භාවයක් ඇති කරන්නයි’ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනයේ පැවැති ජන හමුවකදීය.

යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් අද හමුවිය.

සිතුවමට නැගුණු ජනපතිගේ රුවක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමත් එහිදී සිදුවිය.

මේ අතර කොළඹ තරුණ බෞද්ධ සමිතියේ 125 වැනි සංවත්සරය නිමිත්තෙන් උත්සවයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදි අද පැවැත්විය.

ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

Share with your friends :