27 C
Colombo
23/09/2024

මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගත් නෞකාව ඉන්දියාවෙන් මුදාගනී

Share with your friends :

සෝමාලියාවට නුදුරින් අරාබි මුහුදේදී කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ලයිබීරියාවට අයත් MV ලීලා නොර්ෆෝක් වාණිජ නෞකාවේ සිටි කාර්යමණ්ඩල සේවකයින් මුදා ගැනීමට ඉන්දීය නාවුක හමුදාව සමත්වී තිබේ.

ලයිබීරියානු ධජය රැගත් නෞකාව අවිගත් පිරිසක් විසින් පැහැරගත් බවට බ්‍රිතාන්‍ය සමුද්‍ර ඒජන්සියට දන්වා තිබුණි.

ඉන්දීය නාවුක හමුදාව කාර්යමණ්ඩල සේවකයින් මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබුණේ ඒ අනුව ය.

එහි කාර්ය මණ්ඩල සේවකයින් 21 දෙනෙකු සිට ඇති අතර ඉන් 15 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වෙයි.

අදාළ නෞකාවද ඉන්දීය නාවික හමුදා භාරයට ගෙන තිබේ.

Share with your friends :