27 C
Colombo
23/09/2024

පිල්මාරු රැසක් මැද – ජාතික ආණ්ඩු සාකච්ඡා දිගටම

Share with your friends :

සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවටත්, ආණ්ඩුවෙන් සමගි ජන බලව්ගයටත් මන්ත්‍රීවරුන් පිරිසක් පිල් මාරු කරන්නට සුදානමින් සිටිති.

නව වසරේ පාර්ලිමේන්තු ආරම්භ වන දිනයේදී පාර්ලිමේන්තුව තුළ පිල් මාරුවක් සිදුවනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ, සම්බන්ධයෙන් බුද්ධි අංශ ද ආණ්ඩු පක්ෂය දැනුවත් කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය දින කිහිපය තුළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමගි ජන බලවේගය පක්ෂය සමග එක් විය.

ඒ අනුව තවත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පිල් මාරුවක් සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තාවී ඇත.

එක්සත් ජාතික පක්ෂය සමගද එක්වීමට පිරිසක් සූදානමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන්ය.
මේ අතර නව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම සඳහාද සාකච්ඡා දිගටම පැවැත්වේ.
මේ අතර ආණ්ඩුව විසුරුවා හරින බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වීමත් සමග ඒ පිලිබඳවද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුවී තිබේ.

මෙම තත්ත්වය හමුවේ දේශපාලන පිල්මාරු ඉක්මන්වී ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් පිහිටුවා තිබේ.

දේශපාලන පක්ෂ 18ක සහභාගීත්වයෙන් එම නව සන්ධානය ආරම්භ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී දයාසිරි ජයසේකර මහතා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැකි බවට එම මාධ්‍ය හමුවේදී ඉඟි පළ කෙරුණි.

මේ අතර එම නව සන්ධානය සඳහා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට ද ආරාධනා කර තිබේ.

Share with your friends :