27 C
Colombo
23/09/2024

පාකිස්තාන මහ මැතිවරණය යළි කල් දැමීම සඳහා සෙනෙට් මණ්ඩලයට යෝජනාවක්

Share with your friends :

පාකිස්තාන මහ මැතිවරණය යළි කල් දැමීම සඳහා එරට සෙනෙට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්වී තිබේ.

පාකිස්තාන මහ මැතිවරණය පෙබරවාරි 08 වනදා පැවැත්වීමට දින නියම කර තිබුණි.

පාකිස්තානයේ වත්මන් භාරකාර අග්‍රාමාත්‍යවරයා ද අවස්ථා කිහිපයකදීම පවසා තිබුණේ නියමිත දිනට මැතිවරණය පැවැත්වෙන බවය.

පාකිස්තානයේ ඇතැම් ප්‍රදේශවල ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටළු සහ එළඹෙන කාලගුණයත් සමග කඳුකර ප්‍රදේශවල ජනතාවට ඡන්ද මධ්‍යස්ථාන වෙත ළඟාවීම අපහසුවීමත් හේතුවෙන් මැතිවරණය කල් දැමීමට මූලික හේතු ලෙස ඉදිරිපත්වී තිබේ.

Share with your friends :