27 C
Colombo
23/09/2024

පවුල් ලක්ෂ හතක් දිනපතා කන්නෙත් ණයට

Share with your friends :

රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙන් පවුල් හය ලක්ෂ අනූහත් දහස් අටසීයක් ණය වී සිටින්නේ දිනපතා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම සමීක්ෂණ වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පැවසීය.

ආහාර සඳහා ණය ගෙන ඇති පවුල් සංඛ්‍යාව මුළු ණය ගැති පවුල්වලින් සියයට 22.3ක ප්‍රතිශතයක් බවද ඔහු පෙන්වා දුන්නේය.

දෛනික ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණයවී සිටින 69,7800 ක පවුල්වලට පුද්ගලයන් දෙලක්ෂ පනස් අටදහස් දෙසීයක් ඇතුළත් වන බවද මහාචාර්යවරයා පැවසීය.

මේ අතර තවත් පවුල් තුන් ලක්ෂ හැත්තෑ දහස් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ණය ආපසු ගෙවීම සඳහා ණය ලබාගෙන ඇතැයි පැවසූ වසන්ත අතු කෝරළ මහතා ආර්ථික ක්‍රියාකාරකම් සඳහා පවුල් 491000 ක් ණය ලබාගෙන ඇතැයිද ප්‍රකාශ කළේය.

මීට අමතරව ගොඩනැගිලි ඉදිකිරීම සහ අලුත් වැඩියා කිරීම සඳහා පවුල් 53200 ක් ණය ලබාගෙන ඇතැයිද ඔහු කීවේය.

ආර්ථික අර්බුදය ආරම්භ වීමෙන් පසු ( 2022 න් පසු) පවුල් 688000 ක් ණයගැති භාවයට පත්ව ඇතැයි පැවසූ වසන්ත අතුකෝරළ මහතා වැඩිම පිරිසක් ණය ගෙන ඇත්තේ උකස් ක්‍රියාවලියෙන් බවද ප්‍රකාශ කළේය.

උකස් ක්‍රියාවලියෙන් ණය ලබාගෙන ඇති පවුල් සංඛ්‍යාව 970000 ක් බවද ඔහු කීය.

මෙයට අමතරව බැංකුවලින් පවුල් 97000ක්ද මූල්‍ය ආයතනවලින් පවුල් 272250ක්ද මුදල් තැ‍රැව්කරුවන්ගෙන් පවුල් 303500ක්ද ණය ලබාගෙන ඇති බව හෙතෙම සඳහන් කළේය.

Share with your friends :