27 C
Colombo
23/09/2024

කන්න නැතත් වාහන ගෙන්වීමේ උත්සාහයට විරෝධය

Share with your friends :

රට තුල දැඩි ආර්ථික අර්බුදයක් තිබියදී වාහන ආනයනය යලි ආරම්භ කිරීම සඳහා වාහන ආනයනකරුවන් ගන්නා උත්සාහය දීර්ඝ කාලීනව රටට අයහපත් ලෙස බලපානු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් රජයට පෙන්වාදී තිබේ.
වාහන ආනයනය සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ මේ වසර තුළ වාහන ආනයනය සඳහා විකල්ප ක්‍රමයක් හෝ භාවිත නොකළහොත් කර්මාන්තය බිඳ වැටෙන බවය. ඒ අතර සාමාන්‍ය ජනතාව පවසන්නේ දැන් තමන්ට ඇති ප්‍රධානතම ප්‍රශ්නය ජීවත්වීම මිස වාහන නොවන බවය.

ඒ අනුව රට තුළ පවතින ඩොලර් සංචිත භාවිත නොකර විකල්ප ක්‍රම මගින් වාහන ආනයනය කලද එම ණය කවදා හෝ පොලියත් සමග ගෙවන්නට සිදුවන බව . පවතින ඩොලර් වාහන සඳහා භාවිත කලවිට නැවත වරක් ඩොලර් හිඟයක් ඇති වීම වැළක්විය නොහැකි බවත් ආර්ථික විශ්ලේෂකයන්ද රජයට පෙන්වාදී තිබේ.
එම නිසා මේ අවස්ථාවේ කල හැකි හොඳම විකල්පය දැනට ඇති වාහන සඳහා අමතර කොටස් බදු සහනයක් ඇතිව මෙරටට ගෙන්වන්නට ඉඩදීම හා එම සහනය ජනතාවට ලැබෙන යාන්ත්‍රණයක් ඇති කිරීම බව ආර්ථික විශ්ලේෂකයන් රජයට පෙන්වාදී තිබේ. එසේම වාහන අලුතින් ගෙන්වීම යනු ඉන්ධන භාවිතය තවදුරටත් ඉහල යාමටද බලපානු ඇත.

Share with your friends :