27 C
Colombo
23/09/2024

ඇමරිකානු ජනාධිපතිවරණයට ඩොනල්ඩ් ට්‍රම්ප් එනවද නැද්ද තීරණය පෙබරවාරියේ

Share with your friends :

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි ද යන්න තීරණය කිරීම සඳහා වන නඩුව ලබන පෙබරවාරි මාසයේ විභාග කරන බව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ.

2024 ඡන්දයෙන් ඔහු ඉවත් කිරීමට කොලරාඩෝ ප්‍රාන්ත අධිකරණය ගත් තීරණයට එරෙහි ව ට්‍රම්ප්ගේ අභියාචනය විභාගයට ගැනීමට විනිසුරුවරුන් එකඟ වී ඇත.

මෙම නඩුවේ තීන්දුව රටපුරා බලපැවැත්වෙන බව සඳහන්ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් වසර තුනකට පෙර එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදීමට අනුබල දුන් බවට තර්ක කරමින් ප්‍රාන්ත ගණනාවක නඩු පවරමින් ඔහු නුසුදුස්සෙකු කිරීමට උත්සාහයක් පවතී.

Share with your friends :