27 C
Colombo
25/09/2024

ගැහැනුන් දහස් ගණනක් සමග යහන්ගතවූ කැසනොවාගේ රහස

Share with your friends :

අතීතයේ සිටම ලිංගික ශක්තිය වැඩි කරන ආහාර පරිභෝජනයට බොහෝ දෙනා ප්‍රිය කළහ.
නිසි ආහාර ගැනීම යහපත් ලිංගික ජීවිතයකට අත්‍යවශ්‍ය සාධකයක් බව ඇතැමකුගේ විශ්වාසය වී තිබේ
පුද්ගල ලිංගික ආශාවන් පුබුදුවාලමින් සංසර්ග ශක්තිය සහ සතුට වැඩීමට හේතුවන ආහාරයක් වේනම් ,එය ඉක්මනින්ම විකිණී අවසන් වීමටද ඒ සඳහා විශාල ඉල්ලුමක් ඇතිවීමටද ඉඩ තිබේ.

සමතුලිත ආහාරවේලක්, ක්‍රියාශීලී ජීවන රටාවක් සහ යහපත් මානසික සෞඛ්‍යය කෙනෙකුගේ ලිංගික ජීවිතය පරිපූර්ණ වීමට හේතු වන බව විශේෂඥ මතයයි. එහෙත් ඒ අතරම ඊට හේතුවිය හැකි ලිංගික ක්‍රියාකාරීත්වය නංවාලන එනම් වාජීකරණ ගුණයක් සහිත සුවිශේෂී ස්වාභාවික ආහාර වර්ගද තිබේ.

සතුට දල්වාලීමට ඉවහල් වෙන පෝෂ්‍යදායී ආහාර වට්ටෝරු සහ නිරෝගී ලිංගික ක්‍රියාකාරකම් අතර සම්බන්ධයක් ඇත. එසේම ධනය සහ සාර්ථකත්වය ද නිතරම මෙන් ලිංගික ජවය වර්ධනයෙහිලා බලපැවැත්වන්නේ යයි ප්‍රකාශ වෙයි.

එවැනි ප්‍රකාශන පිටුපස ඇති විද්‍යාත්මක පසුබිම සහ එහි ඉතිහාසය දෙසද සොයා බැලීම වැටී. වාජීකරණ ගුණයක් ඇතැයි පැවසෙන ආහාර මගින් සැබැවින්ම ලිංගික ජීවිතයේ වර්ධනයක් සිදු කෙරෙන්නේද? නැද්ද? යන්න සොයා බැලිය යුතු කාරණයකි.

බෙල්ලන් කෑම ලිංගික ශක්තිය වඩයිද?

මුහුදු ආහාර රති ප්‍රබෝධක ගුණයකින් සමන්විතය යන විශ්වාසය ඇතිවුණේ ආදරයේ දෙවඟන වන ‘Aphrodite’ ග්‍රීක් දිව්‍යාංගනාව මහසයුරේ සුදු පෙණපිඩු අතරින් උපන් බව පැවසෙන පුරාවෘත්තය සමගය

මිනිස් ඉතිහාසයේ වඩාත් සුප්‍රකට ප්‍රේමවන්තයන් අතර මුල්තැන ගන්නා පුද්ගලයා, ඉතාලි ජාතික ‘ගියාකොමෝ කැසනොවා'(Giacomo Casanova)විය හැක. වැනිසියානුවකු වූ කැසනොවා දැඩි ස්ත්‍රී ලෝලියකු ලෙස සැලකේ. කැසනොවා සියලුම වයස්වල සියලුම ක්ෂේත්‍රවල කාන්තාවන් දහස් ගණනක් සිය වසඟයට ගත්තේය. කුඩා දැරියන් පවා ඔහු ගොදුරු කර ගත්තේය.ඒ අතර පුජකවරියන් වූ බව පැවසේ. කැසානොවා කුඩා කාලයේ තම ගුරුවරයාගේ නිවසේ කලක් ජීවත්විය. එහිදී එම ගුරුවරයාගේ බාල නැගෙණිය බෙටීනා විසින් පළමු වරට කැසනොවා තම ග්‍රහණයට ගත බව පැවසේ. එය කැසනොවා ගේ පළමු ලිංගික අත්දැකීම විය. එවකට කැසනොවා ගේ වයස යන්තම් අවුරුදු 11 ක් පමණි.

කැසනොවා, සිය උදෑසන ආහාරය සඳහා බෙල්ලන් පනහක් අනුභව කරන ලදැයි පැවසේ. එහෙත් බෙල්ලන් අනුභවය සහ ලිංගික උත්තේජනය අතර තහවුරු කෙරුනු විද්‍යාත්මක සම්බන්ධයක් නොමැත.

ආදරයේ දෙවඟන ලෙස සැලකෙන ‘Aphrodite’ ග්‍රීක දිව්‍යාංගනාව (රෝමන්වරුන් විසින් එම දෙවඟන ‘වීනස්’ යනුවෙන් පසුව නම් කරනු ලැබුණි) මහසයුරේ සුදු පෙණපිඩු අතරින් උපන් බව පුරාවෘත්තයකින් කියැවෙයි.

ඒ නිසාම මුහුදු ආහාර ලිංගික උත්තේජනය ඇති කරන රති ප්‍රබෝධක ගුණයකින් සමන්විත වන බවට විශ්වාසයක් ගොඩ නැගුණි.

 

කෙසේවුවද, මොලුස්කා (Molluscs) ගණයට අයත් එම අනර්ඝ මුහුදු ආහාරවල පුරුෂ හෝර්මෝන නිෂ්පාදනයට අවශ්‍ය ‘Zinc’ ඛනිජ ලවණය අන්තර්ගත වීම මුහුදු ආහාර ලෝලීන්ට සතුට ගෙනෙන පුවතකි.

‘Zinc’ ඛනිජ ලවණය, පුරුෂ මඳසරුභාවයට පිළියමක් මෙන්ම ගුණාත්මක ශුක්‍රාණු වර්ධනයට උපකාරී වෙන බව පර්යේෂකයෝ පවසති.

මුහුදු බෙල්ලන් වර්ග, රතු මස්, වට්ටක්කා ඇට සහ තල මෙන්ම ආසියානු රටවලට ආවේනික ‘හෙම්ප්’ (Hemp) නමැති පැළෑටියේ ශාරීරික උත්තේජකාරී බීජ, කජු සහ ආර්මන්ඩ් වැනි විවිධ ඇට වර්ගත්, එසේම කඩල, කිඩ්නි බීන්ස් (Kidney beans)හරක් මස් , ඌරු මස් , වට්ටක්කා ඇට , එළකිරි සහ චීස් සිරුරට ‘Zinc’ සපයන ප්‍රමුඛ ආහාර වර්ග වේ.

ඩාක් චොක්ලට් (Dark chocolate) සහ ආලය

චොක්ලට් කෑම ආලය කෙරෙහි ආකර්ෂණය වීමට බලපාන අධි උත්තේජනයක් ජනිත කරන බව විද්‍යාඥයෝ පවසති

චොක්ලට් සහ ලිංගික ක්‍රියාකාරකම් අතර සම්බන්ධයක් ඇත යන අදහස ඇතැම්විට 16 වැනි සියවස තරම් අතීතයට දිවයන කතාවක් විය හැක.

16 වැනි සියවසේ දී යුද බලය යොදා ගනිමින් රටවල් අල්ලා ගත් ස්පාඤ්ඤ ජාතිකයකු වන හෙර්නන් කෝර්ටිස් (Hernán Cortés) පෞරාණික ‘මායා’ සහ ‘ඇස්ටෙක්’ අධිරාජ්‍යයන් දෙසට අවධානය යොමු කරමින්, ‘කැස්ටයිල්’ රාජධානිය යටතේ අද මෙක්සිකෝව නමින් හැඳින්වෙන භූමියෙන් වැඩි කොටසක් යටත් කර ගත්තේය.

හෙර්නන් කෝර්ටිස් චොක්ලට් සොයා පැමිණි පළමු යුරෝපීය ජාතිකයා ලෙසත් සලකනු ලබයි.

“මායාවරුන් රණබිමේ දී ඇති වෙන වෙහෙස නිවා ගැනීමට සහ සටණේ දී දරා ගැනීමේ ශක්තිය නංවාලීමට චොක්ලට් දියර පානය කරන බව තමා නිරීක්ෂණය කළ” බව හෙර්නන් කෝර්ටිස් සිය අධිරාජයා වෙත ලියා යැවීය.

එහෙත් පෞරාණික ‘කැස්ටයිල්’ අධිරාජ්‍යවාදීන් විසින් චොක්ලට්වලට මායාවරුන් නොදුන් ඖෂධීය ගුණයක් ආරෝපණය කළා විය හැක.

මායාවරුන් චොක්ලට් වාජීකරණයක් හැටියට පාවිච්චි කළ බවක් තහවුරු කෙරෙන නියත සාක්ෂි නොමැත.

සැමන්, බිත්තර, කුරුළු මසින් සැකසූ ආහාර, නිවිති, බීජ හා ඇටවර්ග සහ සෝයා නිෂ්පාදන ‘Tryptophan’ නම් අමිනෝ ඇසිඩ් අම්ලය අඩංගු තවත් ආහාර වර්ග වෙති.

මිරිස් තුනපහ කෑම සහ ලිංගික ජීවිතය?

මිරිස් කෑම මගින් පරිවෘත්තීය ක්‍රියාදාමය(metabolism) සහ හෘද ස්පන්දනය කඩිනම් කරයි

සැර මිරිස්වල ‘Capsaicin’ රසායනය ඇතුළත් වෙයි.

මිරිස් ශරීරගත වීමත් සමග ‘Capsaicin’ රසායනයේ බලපෑමෙන් සිතේ සතුට සහ “විසේ ඇති කරන” තවත් වාජීකාරක හෝමෝනයක් සිරුරට මුදා හැරෙන බව පරීක්ෂණ මගින් පෙන්නුම් කෙරෙයි.

එපණක් නොව, ලිංගික සංසර්ගයේ දී ඇතිවෙන ශාරීරික පරිවෘත්තීය ක්‍රියාදාමයේ (metabolism) වේගවත් වීම, සිරුරේ උණුසුම ඉහළ යාම සහ හෘද ස්පන්දනය වේගවත්වීම වැනි තත්ත්වයන් මිරිස් කෑමෙන් පසුවත් සිදුවිය හැකිය.

 

මධ්‍යසාර ලිංගික උත්තේජකයක්ද? නැත්නම් බෙලහීනකාරකද?
Two people’s hands toasting with red wine ලිංගික ,මත්පැන් ,මධ්‍යසාරඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
ඡායාරූප ශීර්ෂ වැකිය,
මත්පැන් ලජ්ජාව තුරන් කිරීමට හේතුවිය හැකිය.එහෙත් අතිශයෝක්තියෙන් වැළකීමට වගබලා ගත යුතුය

මධ්‍යසාර මගින් ආශාවන් කුල්මත් කරන නමුත් ඒ සමගම ස්වාභාවික සහ සංසුන් හැසිරීම හීන කරයි.

කෙසේවුවද, බීමත්ව සිටින විට “ආශාවන් කුපිතකාරී වන නමුත් ක්‍රියාකාරිත්වයේ දුබල වීමක් සිදුවෙන” බව මැක්බත්හි දැක්වෙයි.

අධික මධ්‍යසාර පානය ගැහැණු-පිරිමි දෙපාර්ශවයේම සංවේදීභාවයන් දුබල කරයි.

එසේම එය ලිංගික ක්‍රියාකාරකම් දුබල කරන අතර ලිංගික බෙලහීනතාවයටද මුල් වෙයි.

මත්පැන් පානයෙන් පසු දැනෙන එහි ගඳ තවත් ප්‍රශ්නයකි.

ලිංගික බෙලහීනතාව ජයගත හැකිද?

ශාක බලයේ රස බැලීමට නම් වැඩි වැඩියෙන් පළතුරු වළඳන්න

ශාක මගින් ලබා ගන්නා ‘ෆ්ලේවෝන්'(flavonoids) රසායනය බහුල ආහාර ලිංගික බෙලහීනතාව (ED) අවම කර ගැනීමේ මාවතක් ලෙස පර්යේෂකයෝ හඳුනා ගනිති.

‘බ්ලූ බෙරි’ පළතුරෙන් හමු වී ඇති ‘ඇන්තඋසෛනන්’ (anthocyanin) රසායනය සහ ‘සිට්‍රස්’ පවුලේ වෙනත් පළතුරු වර්ගත් ලිංගික බෙලහීනතාව(ED) වළක්වා ගැනීමේ උපකාරක ආහාර වෙති.
පළතුරු වැඩියෙන් අනුභවය ලිංගික බෙලහීනතාව(ED) 14% කින් අවම කර ගැනීමට හේතුවෙන අතර,ඒ සමග ‘ෆ්ලේවෝන්'(flavonoids) රසායනය බහුල ආහාර පරිභෝජනය සහ ශාරීරික ව්‍යායාම මගින් එම දුබලතාව 21% කින් අඩුකර ගත හැකිය.

 

සිවිය සහිත ධාන්‍ය වර්ග ,ඇපල් , පළතුරු, එළවලු, මෑ – බෝංචි වැනි රනිල කුලයේ ආහාර, ආර්මන්ඩ් සහ වෝල්නට්ස් වැනි ඇට වර්ග සහ ඔලිව් තෙල් ඇතුළත් මධ්‍යධරනී ශෛලියේ ආහාර වේල් ලිංගික බෙලහීනතාව (ED) අවම කර ගැනීමට සහ ලිංගික ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වා ගෙන යාමට උදව් වෙන බව ඇතැම් පර්යේෂකයෝ පෙන්වා දෙති.
ඒ සඳහා ඉවහල් වෙන තවත් සුදුසු ක්‍රියාමාර්ගයක් වන්නේ ‘ඇන්තඋසෛනන්’ (anthocyanin) වර්ණක අන්තර්ගත බ්ලැක් බෙරි, බ්ලැක් කරන්ට්ස්, රාස්බෙරි,ස්ට්‍රෝබෙරි , සමහර මිදි වර්ග,චෙරි,රෙඩ් වයින් , වම්බටු සහ ගෝවා ආහාරයට එක්කර ගැනීමය.
එසේම නිවිති,රාබු,සලාද කොළ වැනි ආහාරද ලිංගික ශක්තිය ඉහල නංවන බව පර්යේෂණ වලින් හෙළිවී තිබේ.

 

කාමෝද්දීපනය කොටස් තුනකට වර්ග කළ හැකි වෙයි.

කාමාශාව(libido) කාම ශක්තිය(potency) සහ ලිංගික ආශ්වාදය (sexual pleasure) යනුවෙනි.

සාර්ථකභාවය මැණීම දුෂ්කර කාරණයක් වන හෙයින් මිනිසුන් සම්බන්ධයෙන් ඉන් කවර අංගයක්වත් විද්‍යාත්මක මට්ටමින් තහවුරු වී නොමැත.

ප්‍රතිපල ලැබේය යන විශ්වාසයෙන් මිනිසුන් වාජීකාරක ගුණයක් සහිත ආහාර අනුභව කරනබව වෛද්‍ය මතයයි.
එවැනි පරිසරයක යම් තැනැත්තෙකුට එමගින් සාර්ථක ප්‍රතිපල ලැබේනම් එහි ඇති වරද කුමක්දැයි වෛද්‍යවරු ප්‍රශ්න කරති.

රති ප්‍රබෝධක ගුණයක් ඇතැයි පැවසෙන බොහෝ ආහාර වර්ග සෞඛ්‍යයට හිතකර ඒවා වෙති.

එහෙත් සෞඛ්‍යය ආරක්‍ෂාවට අදාළ තොරතුරු නැත්නම්, එසේම කිසියම් දෙයක් විශ්මයජනක ප්‍රතිකාරයක් හැටියට හඳුන්වා දෙනු ලබන්නේ නම්, එවැනි පාරිභෝගික ද්‍රව්‍යයන්ගෙන් වැළකී සිටීම නුවනට හුරුය.

Share with your friends :