27 C
Colombo
25/09/2024

බාල එන්නත් චෝදනාවට සෞඛ්‍ය ලොක්කා රිමාන්ඩ්

Share with your friends :

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද (05) නියම කළාය.

ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන්වීම සඳහා අනුමැතිය දෙන ආයතනයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන අතරම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රධානියා වු සැකකරු නිසි වගකීමකින් යුතුව කටයුතු නොකිරීම හේතූවෙන් පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ”රිපොක්සිමැප්‘ නැමැති ඖෂධය සැපයූ බව කියන අයිසුලේස් බයෝ ෆාර්මා සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තාට මුදල් ගෙවීම සඳහා අනුමැතිය දීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 1070ක පාඩුවක් වී ඇතැයි කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනි ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළාය.

මෙලෙස රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් මහතාය.

මෙම සිද්ධියට අදාළව බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු” වෛද්‍ය සැපයුම් හිටපු අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක” වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන් ” ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත නමැත්තන් මේ වන විටත් රිමාන්ඩ් බාරයේ පසුවේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී අනාවරණය වු කරුණු මත අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන පිටු 07කින් යුත් වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා සමඟ පෙනී සිටි උප පොලිස් පරීක්‍ෂක යාළේවත්ත මහතා අධිකරණයට අධිකරණයට ඉදිරිපත් කළේය.

රහස් පොලිසියය සමඟ පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් තෝරාගත් සැපයුම්කරුවන්ට ගැණුම් ඇණවුම් නිකුත් කිරීමේදී පිළිපැදිය යුතු ක්‍රමවේදය හා කොන්දේසි” ධෟෂධ තොග වශයෙන් හා කොටස් වශයෙන් දෙන අවස්ථා වලදී පිළිපැදිය යුතු ක්‍රමවේද පිළිබඳ මෙන්ම ලියාපදිංචියකින් තොර ගැණුම්කරුවන්ගෙන් ඹෟෂධ ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරයද සැකකරුට දැනුම් දී ඇතැයි කීවාය.

එසේ තිබියදී තොග සම්බන්ධයෙන් නිසි සොයා බැලීමකින් තොරව ජනවාරි මස 12 වැනිදා ගැණූම් ඇණවුමේ මුල් පිටපත නිකුත් කර ඇති බවත් ඉක්මනින් පළමු සැකකරුට ඇණවුම් ලැයිස්තුව නිකුත් කිරීමට නියම කර ඇතැයිද කී ලක්මිණී ගිරිහාගම මෙනවිය මාස 02කට ප්‍රමාණවත් ඹෟෂධ තොග ලංකාවේ ඇති බවට ඹෟෂධ පාලකවරයා දැනුම් දී තිබියදීත් පළමු සැකකරුට ගැණූම් ඇණවුම නිකුත් කිරීම හේතූවෙන් රජයට රුපියල් බිලියනයක මුදලක් අහිමි වී ඇතැයිද පැවසුවාය.

2022 සැප්තැම්බර් මාය වන විට ”රිපොක්සිමැප්‘ නැමැති ඹෟෂධයේ මාත්‍රා 75000ක් රටේ තිබී ඇති බවත් එසෙස් තිබියදී ඔක්තෝමබ්ර් සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා මසකට එන්නත් 9500 බැගින් සහ ජනවාරී මාසයේදී එන්නත් 11750ක් වශයෙන් ලබාගෙන ඇතැයි ලක්මිණී ගිරිහාගම මෙනවිය පෙන්වා දුන්නාය.

ඉදිරි සති 03ක කාලය තුළ සෞඛ්‍ය අංශයේ කඩා වැටීමක් විය හැකි බවත් එසේ වීම වළකා ගැනීම සඳහා හදිසි මිලදී ගැනීම් වශයෙන් ඹෟෂධ මිලදී ගැනීමට අවශ්‍ය බවත් මෙම සැකකරු ලිපියක් ඉදිරිපත කිරීම හේතූවෙන් ලංකාවට අවශ්‍ය බව සඳහන් ඹෟෂධ 182න් ඹෟෂධ වර්ග 09ක් ගැනීමට අවුමැකිය හිමී වී ඇතැයි කියමින් මේ අනුව සැකකරු ගත් ක්‍රියාමාර්ග සළකා බැලීම සඳහා ලේඛණ අවශ්‍ය වී ඇති බවට ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය අදාළ ලේඛණ දීමට වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියම කළාය.

සැපයුම්කරුට මුදල් ගෙවු ආකාරය සහ සැපයුම්කරුට ඹෟෂධ සැපයීමට අනුමැතිය දුන් ආකාරය හෙළි කර ගැනීම සඳහා මෙම මිලදී ගැනීම් සම්බන්ධයෙන් වු මුල් පිටපත් අවශ්‍ය වී ඇතැයි කියමින් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය අදාළ මුල් පිටපත් රහස් පොලිසියටට බාර දෙන ලෙස ඹෟෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට නියම කළාය.

මේ තත්වය යටතේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශ කරන හෙයි සැකකරු රිමාන්ඩ් බාරයේ ර`ඳවා තැබීමට නියම කරන්නැයි ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නලීන් ද සිල්වා මහතා කරුණු දක්වමින් බාල ඹෟෂධ හේතූවෙන් රෝගී ජීවීත අවධානමට ලක් වන බව තමන්ද පිළිගන්නේ යැයි කීය.

විධායකයේ ප්‍රධානතම බළ කණුව වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශ අනුව ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව ඹෟෂධ සැපයීමක් පවත්වා ගෙන යෑමට සැප්තැම්බර් 22 වැනිදා ගත් තීරණයකට අනුව සෞඛ්‍ය සැපයුම් අංශය සැප්තැම්බර් 26 වැනිදා එවු ලිපිය අනුව මෙම වංචාව සිදුවී ඇතැයි පෙන්වා දුන් නීතීඥ නලීන් ද සිල්වා මහතා ඹෟෂධ නියාමන අධිකාරිය නිසි පරීක්‍ෂාවකින් කටයුතු කළේ නම් මෙවැනි දෙයක් වන්නේ නැතැයිද කීය”

මෙම සිද්ධියට අදාළ ඹෟෂධ පරීක්‍ෂා නොකළ බවට පැමිණීල්ලෙන් කීවත් මීට පෙර අවස්ථා වලදී ආනයනය කළ ඹෟෂධ පරීක්‍ෂා කළාද? යනුවෙන් ප්‍රශ්න කළ නීතීඥ නලීන් ද සිල්වා මහතා කළින් ඹෟෂධ පරීක්‍ෂා කර මෙම සිද්ධියට අදාළ ඹෟෂධ පරීක්‍ෂා නොකළා නම් එය විශාල වරදක් යැයි කීය.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් අතර වගකීම සහ වගවීම සම්බන්ධයෙන් යම් ගැට`ථවක් ඇතත් ඔවුන් අතර කුමන්ත්‍රණයක් නැතැයිද කුමන්ත්‍රණයක් කිරීමට ඔවුන්ට හේතූවක් නැතැයිද කී නීතීඥ නලීන් ද සිල්වා මහතා ඹෟෂධ ආනයනය කිරීමට මෙන්ම මුදල් ගෙවීමට අනුමැතිය දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය නිසා ඔවුන්ට එසේ කුමන්ත්‍රණයක් කිරීමට හේතූවක් නැතැයිද පෙන්වා දුන්නේය.

තම සේවාදායකයාගේ හෝ ඔහුට සම්බන්ධයක් ඇති අයෙකුගේ ගිණුමකට රුපියලක හෝ මුදලක් නැතැයිද එසේ වී ඇත්තේ මෙම සිද්ධියට තම සේවාදායකයාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති වීමත් සිදුවී ඇත්තේ ක්‍රමවේදයේ වරදක් නිසා බවත් කී නීතීඥ නලීන් ද සිල්වා මහතා අමාත්‍ය ලේකම්වරයා කළ දැනුම් දීමකට අනුව මුදල් ගෙවීම් කිරීමට තම සේවාදායකයාට සිදු වුයේ යැයි කීය.

තම සේවාදායකයා මෙම වංචාවට සහය වු අයෙකු නොවන බවත් යමෙක් වංචාවක් කළා නම් තම සේවාදායකයා එහි ගොදුරක් වුයේ යැයිද ඒ අවස්ථාවේදී ඔහු ඒ අනුව කටයුතු නොකළා නම් ඹෟෂධ සැපයීමට කටයුතු නොකර රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වු චෝදනාවන්ට ලක් වීමට හැකියාව තිබු බව පෙන්වා දුන් නීතීඥ නලීන් ද සිල්වා මහතා තම සේවාදායකයාට මෙය කිරීමට වුයේ අමාත්‍ය මණ්ඩලයේ සහ අමාත්‍ය ලේකම්වරයාගේ නියෝග මත යැයිද කීය.

ඉහළ තීරණ ගත් කිසිවෙකුත් මෙම සිද්ධියේ සැකකරුවන් කර නැතැයිද පෙන්වා දුන් නීතීඥ නලීන් ද සිල්වා මහතා ඉහළින් ගත් තීරණ අනුව රාජකාරී කළ තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

තම සේවාදයකයා රෝගී තත්වයෙන් පෙ`ථනත් ඔහුට විදේශ රටකට ගොස් ප්‍රතිකාර ගැනීමට හැකියාවක් නැතැයිද ඒ තත්වය ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අයට පමණකැයිද ‘කොවිඩ්’ සමයේ තම ජීවීත අවධානය පිළිබඳ හෝ නොසිතා තම සේවාදාකයා කටයුතු කළ ආකාරය ගැන හෝ නොසිතා සිදුවු එක් කරුණක් හේතූවෙන් ඔහු එල්ලුම් ගස් යැවමට අවශ්‍ය නම් එල්ලුම් ගස් යවන්නැයි නීතීඥ නලීන් ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරු හුදු රාජකාරීමය නොසැළකිල්ලෙන් බැහහැර වන අපරාධමය වරදක් චේතනාන්විතවම කළ බවට කරුණු ඉදිරිපත් වී ඇතැයි තීරණය කළ මහෙස්ත්‍රාත්වරිය ඔහු සැකකරුවකු වශයෙන් නම් කළාය.

ඒ අනුව සැකකරුට ඇප නියම කිරීමට තරම් සුවිශේෂි කරුණු ඉදිරිපත් වී නැතැයි තීරණය කළ මහෙස්ත්‍රාත්වරිය මෙම නඩුවට අදාළ පැමිණීල්ල යළි කැඳවන ලබන 10 වැනිදා තෙක් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළාය.

සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළ මහෙස්ත්‍රාත්වරිය පැමිණීල්ල එදින යළි කැඳවීමටද නියම කළාය.

පැමිණීල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ලක්සිරි සැරයන්වරුන් වන 35124 ප්‍රනාන්දු 61823 මනෝජ් සමඟ ප්‍රධාන පොලිසස් පරීක්‍ෂ ජයන්ත මහතා පෙනනී සිටියේය.

නීතීපතිවරයා නියෝජනය කරමින් පැමිණීල්ල වෙනුවෙන් ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ හේෂාණී විජේසිංහ මහත්ම සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය පෙනී සිටියාය.

සැකකරු වෙනුවෙන් නීතීඥවරුන් වන ප්‍රමෝද්‍ය තිලකරත්න සහ තිසර චාමර සමඟ නීතීඥ නලීන් ද සිල්වා මහතා පෙනී සිටියේය.

Share with your friends :