27 C
Colombo
25/09/2024

රට ගැන සිතන ගමනකට සියලු දෙනා එක්විය යුතුයි

Share with your friends :

තමන්ට වඩා රට ගැන සිතන ගමනක් වෙනුවෙන් පක්ෂ භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දෙනාම එක් විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

රටේ ක්‍රියාත්මක වූ දේශපාලන සංගීත පුටු හරඹ වෙනුවට ‘තමන්ට පෙර රට සහ ජනතාව’ යන උදාර සංකල්පය මත පදනම්ව පවුල් වාදයෙන් තොර දේශපාලන ප්‍රතිපත්තිමය ගමනක් වෙනුවෙන් සියලු දෙනාට හිට ගත හැකි නව සන්ධානයක් ගොඩනගන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

වරදාන, වරප්‍රසාද, ප්‍රතිලාභ, තනතුරු සහ දේශපාලන පංගු මත ක්‍රියාත්මක වන දේශපාලන ගනුදෙනු සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ දයාශ්‍රිත තිසේරා මහතා සමගි ජන බලවේග සන්ධානය සමඟ එක්වීමට විපක්ෂ නායක කාර්යාලයට පැමිණි අවස්ථාවේදී ප්‍රේමදාස මහතා මේ බව කීවේය.

Share with your friends :