27 C
Colombo
25/09/2024

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ සුදානමක් නැතැයි ජනපතිගේ පාර්ශවයෙන් කියයි

Share with your friends :

ඉදිරි දින කිහිපය ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සාකච්ඡාවක් සිදුවෙමින් ඇති බව ඉහළ පෙළේ දේශපාලන කවයන්හි සාකච්ඡා වී ඇත.
මේ වන විටත් ආණ්ඩුවේ පාර්ශවයන් විසින් වෙනත් දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ සමඟ ඒ පිළිබඳව යම් සාකච්ඡා සිදුකරමින් සිටින බවද එම වාර්තාවන් කියා සිටී.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සම්බන්ධයෙන් කිසිදු සූදානමක් තමනට දැනගන්නට නැති බවය.
මේ අතර මීලග පාර්ලිමේන්තුව ලබන 09 වෙනදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම පාර්ලිමේන්තු සැසිය ආරාවසාන කිරීමේ සූදානමක් ඇති බවද මීට පෙර වාර්තා විය.
මේ අතර ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කලේ එවැනි කිසිදු සුදානමක් නොමැති බවය. එසේම ජනාධිපතිවරයා මේ වන විට උතුරේ සංචාරක නිරත වෙමින් සිටින අතර ඔහු ඉරිදා හෝ සඳුදා නැවත කොළඹට පැමිණීමට නියමිත බවය.

Share with your friends :