27 C
Colombo
23/09/2024

ලොව සුන්දරතම ගුවන් සේවිකාවන් ඉන්න හොඳම ගුවන් සේවා මෙන්න

Share with your friends :

ගුවනින් යන්න ලෝකේ ගොඩක් අය ආසයි. එතනදී ගොඩක් අය තමන් ගමන් කරන ගුවන් සේවය ගැන සැලකිලිමත් වෙනවා,එතැනදී ගුවන් සේවිකාවන්ට හිමිවන්නේ විශේෂ ස්ථානයක්, ඇත්තටම ගුවන් සේවිකාවක් වීම හිතන තරම් ඒවගේම දකින තරම් සුන්දර නැහැ. උඩු ගුවනේදී දීර්ඝ ගුවන් ගමනකදී ඒ අයට ගුවන් යානය තුල සැතපුම් ගනනාවක් ඇවිදින්න වෙනවා, ඒවගේම ගුවන් සේවාවල සේවක සංඛ්‍යාව සීමා කර ඇති නිසා ඉන්න පිරිසෙන් මේ කටයුත්ත කරන්නත් ඕන, එළිපිට බැනුම් ඇහුවේ නැති වුනත් පුංචි වරදකදී ගුවන් යානයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ගෙන් බැනුම් අහන්නත් වෙනවා, ඒ වගේම එකවර සියගණනක් වූ විවිධ ගුවන් මගීන්ගේ විවිධ ආහාරපාන අවශ්‍යතා සැපයීමත් පහසු නැහැ. ඒ වගේම තම සේවා සැපයීම් සිදුකරන අතරේදී තමන්ගේ ඇඳුම හා රූපය ගැන අවධානයෙන් ඉන්නත් ඕන, ඒ වගේම මගීන්ගේ සිත් දිනා ගන්නා ආකාරයට හැසිරීමත් ප්‍රධානයි,මේ නිසා ගුවන් සේවිකාවක් කියන්නේ ඒ අය පෙන්නන හැටියටවත් ලෝකයා ඇයව දකින ආකාරයටවත් සුන්දර දෙයක් නෙවෙයි. ඒත් ලෝකේ බොහෝ තරුණියන් සිහින දකින රැකියාවන් අතරේ ගුවන් සේවිකා රැකියාවට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයක් ,
ලොව පුරා ගුවන් සේවාවන් පන්දහසක් අතරින් ලොව සුන්දරම ගුවන් සේවිකාවන් සිටින ගුවන් සේවාවන් දහය පසුගියදා තෝරාගෙන තිබුනා, මෙහිදී ඒ අයගේ පෙනුම වගේම නිල ඇඳුම, හැසිරීම් , සේවය සඳහා කැපවීම ආදී කරුණු ගනනාවක් සලකා මෙම තෝරා ගැනීම කර තිබුනා.
මෙහිදී අංක එක ඒ කියන්නේ හොඳම ගුවන් සේවිකාවන් සිටින ගුවන් සේවය ලෙස තෝරා ගැනුනේ ප්‍රංශ ගුවන් සේවය (Air France). ප්‍රංශ ගුවන් සේවයේ නිල ඇඳුම නිර්මාණය කරලා තියෙන්නේ ලෝක ප්‍රකට ඇඳුම් නිර්මාණ ශිල්පී ක්‍රිස්ටියන් ලැක්රෝස්. ප්‍රංශ ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් නිරතුරුවම මගීන්ගේ ආහාරපාන අවශ්‍යතා විමසමින් ඒවා සපයා දෙමින් ගුවන් ගමන පුරාවටම මගීන් ගේ පහසුව සලසා දෙන බව පැවසෙනවා,

දෙවන ස්ථානය දිනා ගෙන තියෙන්නේ සිංගප්පූරු ගුවන් සේවාව (Singapore Airlines) සිංගප්පුරු ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් හරිම හිතවත් වගේම හුරුබුහුටි බව පැවසෙනවා, ඒ අයගේ නිල ඇඳුම හින්දා ඒ අයට සුන්දරත්වය ලැබෙන්නේ නිරායාසයෙන්මයි. මේ අයගේ ආගන්තුක සත්කාරය ලොව පුරා විවිධ සඟරා හා සම්මාන උළෙල රැසකදී දිගින් දිගටම සම්මානයට පත්‍ර වී තිබෙනවා


තුන්වන ස්ථානය ශෙන්සෙන් ගුවන් සේවය (Shenzhen Airlines) ඒ අයගේ නිල ඇඳුම, සුන්දරත්වය, සිත් ඇදගන්නා සිනාව, කාරුණික කතාබහ සහ හැසිරීම මේ ස්ථානය ඔවුන්ට හිමිකර දී තිබෙනවා

සිවු වන ස්ථානය දිනා ගෙන තිබෙන්නේ එරෝෆ්ලොට් ගුවන් සේවය. (Aeroflot) එය තමයි රුසියානු ෆෙඩරේෂනයේ තිබෙන විශාලතම ගුවන් සේවාව.මේ අයගේ ඇඳුම හා තොප්පිය මේ අයගේ රුව තවත් වැඩිකරනවා, ලොව වඩාත් විලාසිතා වලින් අනූන හැඩකාරම ගුවන් සේවිකාවන් ලෙස එරෝෆ්ලොට් ගුවන් සේවිකාවන් හැඳින්වෙනවා

පස් වන ස්ථානය දිනාගෙන තිබෙන්නේ ලූෆතන්සා ගුවන් සේවයයි. (Lufthansa) ජර්මානු ගුවන් සේවයක් වන ලූෆතන්සා ගුවන් සේවය ලොව වඩාත්ම සුන්දර තරුණියන් තමන්ගේ ගුවන් සේවිකාවන් හැටියට තෝරා ගන්නවා, ඒ වගේම විවිධ ජාතීන්ට අයත් සුන්දරම ගුවන් සේවිකාවන් රැසක් ඔවුන්ට සිටිනවා, ඒ අය වඩාත් ආචාරශීලී , මිත්‍රශීලී වගේම සේවය සඳහා කැපවීම අතින්ද ඉහල බව පැවසෙනවා ,


හය වන ස්ථානය දිනා ගෙන තිබෙන්නේ තායි ගුවන් සේවයයි. (Thai Airways) තායි ගුවන් සේවය ලොව හොඳම සේවාවන් සපයන ගුවන් සේවයක් ලෙස බොහෝ දෙනා හඳුන්වනවා, ඔවුන්ගේ සමේ පැහැය සමග දම්පති නිල ඇඳුම ඔවුන්ට ලබා දෙන්නේ අපූරු පෙනුමක්, ඔගීන්ගේ සුවපහසුව හා ආහාරපාන ලබා දීම වෙනුවෙන් ඔවුන් හැම විටම කපවෙඑඑ සිටිනවා, ඒ වගේම ආචාරශීලී සේවාව වගේම ඔවුන් ගුවන් මගීන් පිළිගන්නා ආකාරය සම්බන්ධයෙන් ලොව බොහෝ ගුවන් සම්මාන උළෙල වලදී ඔවුන් සම්මාන හිමි කර ගෙන තිබෙනවා,

හත්වන ස්ථානය දිනා ගෙන ඇත්තේ EVA ගුවන් සේවය. (EVA Air) එය තායිවානයේ ස්වාධීන ගුවන් සමාගමක්. ලොව හොඳම සේවාවක් සපයන හා සුන්දරම ගුවන් සේවිකාවන් අතර EVA ගුවන් සේවය ප්‍රධාන තැනක් පසුගිය කාලය පුරා දිනා ගෙන තිබෙනවා, සැබවින්ම ගුවන් මගීන් බොහෝ දෙනෙක් මේ ගුවන් සේවාව තම ගුවන් ගමන් සඳහා භාවිත කරන්නට ප්‍රධානතම හේතුව මේ ගුවන් සේවිකාවන්ගේ මිත්‍රශීලී හැසිරීමයි. මේ ගුවන් සේවය තම ගුවන් සේවිකාවන් ලෙස බඳවා ගන්නේ වයසින් අඩු , සුන්දර වගේම විනෝදශීලී හා මිත්‍රශීලී තරුණියන් පමණයි.

අට වන ස්ථානය දිනා ගෙන තිබෙන්නේ වර්ජින් ඇට්ලාන්ටික් ගුවන් සේවයයි (Virgin Atlantic Airlines) මෙම ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් හරිම ආකර්ශනීය බව පැවසෙනවා, ඔවුන් ගේ නිල ඇඳුම මේ ආකර්ශනීය බව දෙගුණ තෙගුණ කරනවා , නිල ඇඳුම සමග මේ ගුවන් සේවිකාවන් නිලියන් පරදවන ආකර්ශනීය බවකින් හා ඒ හා සමාන හැසිරීමකින් යුක්ත බව බොහෝදෙනා පවසනවා , මොවුන්ගේ සුන්දර සිනාව සමග විනෝදකාමී හැසිරීම් රටාවන් මේ ගුවන් සේවය ජනතාව අතර ජනප්‍රිය වන්නට බොහෝ දුරට බලපා තිබෙනවා,


නව වන ස්ථානය දිනා ගෙන තිබෙන්නේ එමිරේට්ස් ගුවන් සේවාවයි (Emirates Airlines) ලොව ප්‍රධානතම ගුවන් සේවාවක් වන මෙය වඩාත් සුඛෝපභෝගී ගුවන් සේවාවන් අතරද ප්‍රධාන තැනක් ගන්නවා, ලොව විවිධ ජාතීන්ට අයත් සුන්දර තරුණියන් රැසකගෙන් සමන්විත එමිරේට්ස් ගුවන්සේවයේ නිල ඇඳුම නිසා ඔවුන් සුන්දරත්වය කැපී පෙන්නවා වගේම ඔවුන්ව පහසුවෙන්ම හඳුනා ගන්නත් පුළුවන්, සුන්දරත්වය ආකර්ශනීය බව වගේම විලාසිතා අතින් ඔවුන් සියලු ගුවන් මගීන්ගේ සිත් දිනා ගන්නට සමත්ව සිටිනවා, ඔවුන්ගේ කාර්යක්ෂම සේවය හා ගුවන් සේවයේ සුඛෝපභෝගී බව නිසා ගුවන් ටිකට්පත් මිල වැඩි වුවත් ජනතාව මේ ගුවන් සේවය තෝරා ගන්නවා


දසවන ස්ථානය දිනා ගෙන ඇත්තේ කැතේ පැසිෆික් ගුවන් සේවයයි. (Cathay Pacific Airways) වඩාත් සුහද හා කාර්යක්ෂම හොද සේවාවන් ලබා දීම තුලින් කැතේ පැසිෆික් ගුවන් සේවය ලොව පුරා ගුවන් සේවා සම්මාන උළෙල රැසකදී සම්ම්මන දිනා ගෙන තිබෙනවා. හොංකොං රාජ්‍යයේ ගුවන් සේවාවක් වන මෙහි ගුවන් සේවිකාවන්ගේ නිල ඇඳුම හා එහි රතු පැහැය තුලින් ඔවුන්ගේ සුන්දරත්වය හා ආකර්ශනීය බව තවත් වැඩි කර තිබෙනවා . මේ නිසා ලොව වඩාත් ආකර්ශනීය ගුවන් සේවිකාවන් ලෙසත් ඇතැමුන් හඳුන්වනවා, මේ ගුවන් සේවයේ සේවිකාවන්ගේ පුහුණුවීම් ලොව ඉතාම උසස් මට්ටමේ පුහුණුවීමක් ලෙස සැලකෙනවා, ඔවුන්ගේ ගමන් විලාසය ලොව ප්‍රධාන පෙලේ නිරුපිකාවන්ට සමාන බව පැවසෙනවා. මේ නිසාම ඔවුන් ලබා දෙන සේවාව ලොව ඉහලම ගුවන් සේවා සත්කාරයක් බව බොහෝ ගුවන් මගීන් පවසනවා

Share with your friends :