27 C
Colombo
24/09/2024

පෞද්ගලීකරණයෙන් හොරා කෑම නවතා තරගකාරී මිල ගණන් කැඳවන්න

Share with your friends :

ප්‍රතිසංස්කරණය වෙනුවට පෞද්ගලීකරණය කරන එක විසඳුමක් නොවුණත් පෞද්ගලීකරණය තුළින් දැවැන්තම හොරකම්, වංචා, දූෂණ සියල්ල සිදු කළ හැකි නිසා ජනතාවගේ පීඩාව පසෙක තබා පාලකයෝ තමන්ගේ පොකට්ටුව තරකර ගන්න ගේම් ගහනවා යැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.

රට ආර්ථිකමය වශයෙන් බරපතළ ලෙස කඩා වැටී තිබෙන මේ මොහොතේත් කැබිනට් එක රටට සිදුකරන වංචා-දූෂණ පිළිබඳ හෙළිදරව් කිරීම වැදගත් යැයිද විදුලි බල ක්ෂේත්‍රයේ මේ මොහොතේත් බරපතළ මාෆියාවක් සිදුවෙමින් පවතින බවද ඔහු පැවසීය.

බලශක්තිය රටකට අත්‍යවශ්‍ය බවද වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා එම ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණයන් සිදුකිරීම වැදගත් බවද එහෙත් ආණ්ඩුව ප්‍රතිසංස්කරණය වෙනුවට පෞද්ගලීකරණයට යොමුවී ඇති බවද එය විසඳුමක් නොවන බවද ඔහු පැවසීය.

තරගකාරිත්වය පිළිබඳ සහතිකයක් දිය නොහැකි කිසිදු ක්ෂේත්‍රයක් පෞද්ගලීකරණය නොකළ යුතුයැයිද ඔහු පැවසීය.

විදුලි උත්පාදන පිරිවැය අඩුකර ගැනීම සඳහා තීන්දු තීරණ ගනිද්දී, වැඩි මිලට ඩීසල් මිලදී ගැනීම් අඩුකර ගත යුතු බවද එල්.එන්.ජී. බලාගාර සක්‍රීය කරගත යුතු බවද ඒ සඳහා එල්.එන්.ජී. ඉක්මනින් රටට ගෙන ආ යුතු බවද වසන්ත මහතා පැවසීය.

සුළං බලාගාරවලට සෝලා පවර් වලට විදෙස්වලින් තරගකාරී මිල ගණන් යටතේ සමාගම් කැඳවන්න යුතු බවද ඔහු පැවසීය.

Share with your friends :