27 C
Colombo
24/09/2024

‘‘ජනතාව අතිශය දුක්ඛිත තත්වයට පත් වෙලා‘‘

Share with your friends :

අලුත් අවුරුද්දේ එකිනෙකාට සුබ පතා ගත්තත් ලක්ෂ 220 ක ජනතාව අතිශය දුක්ඛිත ජිවිතයකට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතාව කාගේවත් අතකොලු වහලුන් නොවී ස්වෝත්සාහයෙන් නැගී සිටීමේ පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් රාජ්‍ය ත්‍රන්තය තුළ ක්‍රියාත්මක දූෂණය වංචාව හොරකම සහමුලින්ම උපුටා දැමිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

බංකොලොත් රටෙන් පවා විවිධ ගනුදෙනු හරහා වත්මන් රජය ඩොලර්වලින් පවා හොරකම් කරන බවත් සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ දී අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු කීවේය.

මේ අවස්ථාවේ රජයේ යුතුකම විය යුත්තේ මිනිසා මරණ මංචකයට ගෙන යාම නොව මිනිසා ජිවත් කරවීම වුවත් පසුගිය නිවාඩු සමයේ මැතිඇමතිවරු විදේශ සංචාරවල නිරත වී පවුල් පිටින් සුරසැප ජීවිත ගත කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කලේය.

Share with your friends :