27 C
Colombo
23/09/2024

ජපාන ගුවන් අනතුරෙන් 5කට දිවි අහිමිවෙයි

Share with your friends :

ජපානයේ හනෙඩා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබාමින් තිබූ ජපාන ගුවන් සේවයට අයත් JAL 516 මගී ගුවන් යානයේ ගැටුණු වෙරළාරක්ෂක ගුවන් යානයක සිටි පුද්ගලයින් 5ක් මියගොස් ඇත.

කෙසේ වෙතත් අනතුරට ලක්වූ MA -722 වෙරළාරක්ෂක ගුවන් යානයේ නියමුවා තුවාල ලබා ඇතත් ඉන් දිවි බේරාගැනීමට සමත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම යානය ජපානයේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට ආධාර ගෙන යමින් තිබු යානාවකි.

මේ අතර එම යානයේ ගැටුණු හොකයිඩෝ සිට පැමිණි ජපාන ගුවන් සේවයට අයත් JAL 516 මගී ප්‍රවාහන යානයේ සිටි මගීන් 379කගේ දිවි බේරාගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්ව ඇත. ජපාන ගුවන් සේවයට අයත් JAL 516 යානය ගිනි ගනිද්දී එහි ඉදිරි හදිසි දොරටුව තුලින් ජනතාව එලියට පනිමින් දිවි ගලවා ගෙන තිබේ.
ගුවන්තොටුපලේ සියලු ධාවන පථ වසා දමා තිබේ.

Share with your friends :