හෙට දිනයේ සිට රට පුරා ආපනශාලාවල ආහාර මිල ගණන් ඉහල නංවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව කොත්තු හා ෆ්රයිඩ් රයිස් රුපියල් 25කින්, කිරිතේ එකක් රුපියල් 15කින්, ප්ලේන්ටියක් රුපියල් පහකින්, කෙටි කෑම කෙටි කෑම රුපියල් දහයකින් ඉහල නංවන බවද ඔවුන් නිවේදනය කරයි.
වැට් බද්ද ඉහල නැංවීමත් ඒ හරහා ආපන ශාලාවල යෙදවුම් වල මිල ඉහළ යාමත් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.