ලබන ජනවාරී 08 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පක්ෂ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කැඳවා ඇත.
එහිදී දැඩි තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක නැවත පක්ෂයේ ප්‍රබල තනතුරක් ලබා දී පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයට එක් කර ගැනීමේ යෝජනාවක් එදින සම්මත කර ගැනීමට නියමිතය.
පොහොට්ටුවේ අභ්‍යන්තරයේ මේ වන විට නිර්මාණය වී ඇති ගැටලුකාරී තත්වය මත මන්ත්‍රීවරුන් පිරිසක් යලිත් ශ්‍රීලනිපය වෙත සම්බන්ධවීමටද කැමැත්ත පල කර තිබේ.
