27 C
Colombo
23/09/2024

ආදායම් බදු අංකය අනිවාර්ය කිරීම කල් දමයි

Share with your friends :

ජනවාරි මස පළමු වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය මසකින් පමණ කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

කෙසේ වෙතත් ඉතා ම සරල ක්‍රමවේදයක් ඔස්සේ මාර්ගගතව ඕනෑම පුද්ගලයකුට බදු ගොනුවක් විවෘත කිරීමේ හැකියාව පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ එම ලියාපදිංචිවීම කිසිසේත්ම අනිවාර්යෙයන් ආදායම් බද්දට යටත් වීමක් නොවන බවයි. රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබා ගන්නේ නම් පමණක් බද්දට යටත් වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර දෛනිකව ආනයනය කෙරෙන 700 පමණ වන බහාලුම් ප්‍රමාණය දිනක් තුළ 1000 ඉක්මවා යාමට හේතුව වැට් වැඩි වීමේ වාසිය අයුතු ලෙස හිමි කර ගැනීමට ආනයනකරුවන් හිතාමතා සිදු කළ ක්‍රියාවක් බව අමාත්‍යවරයා පවසයි. මෙම ආනයනකරුවන්ගේ උපක්‍රමය වී ඇත්තේ වැට් බද්ද 18% දක්වා ඉහළ නැංවෙන ජනවාරි මස පළමු වැනිදාට පෙර මෙම භාණ්ඩ නිෂ්කාශන කටයුතු අවසන් කර ඒවා අලෙවි කිරීමේ දී වැට් සහිතව ආනයනය කළ භාණ්ඩ ලෙස ඉහළ මිලකට අලෙවි කිරීම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙවැනි ක්‍රියා මැඩ පැවැත්වීමට මැදිහත් වීම ජනමාධ්‍යයේ ද කාර්ය භාරයක් බව හෙතෙම සඳහන් කරයි.

මේ අතර වැට් බද්ද ඉහළ යාම හේතුවෙන් යළිත් මධ්‍යසාර මිල ඉහළ දැමීමට සිදු වීමට පිළිබඳ ව ද අමාත්‍යවරයා අදහස් පළ කළේ ය. ඔහු කියා සිටියේ ඉන්ධන, ගෑස්, රසායනික පොහොර වැනි දෑ වැට් බද්දට යටත් කළ ද වරාය හා ගුවන්තොටුපොළ බද්දෙන් නිදහස් කිරීමට ගත් තීරණය හේතුවෙන් අහිමි වන ආදායම තුලනය කිරීම සඳහා මධ්‍යසාර වැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිල ඉහළ යන බවයි

Share with your friends :