27 C
Colombo
23/09/2024

ලෝක ජනගහන වර්ධන වේගය සියයට එක දක්වා පහලට

Share with your friends :

ලෝක ජනගහනය 8,019,876,189 තෙක් වර්ධනය වී තිබේ. එය 2023 ආරම්භයේ ලෝක ජනගහනයට වඩා 75,162,541ක ඉහළයාමකි.
ඒ අනුව 2023 වසරේ දී ලෝක ජනගහනය මිලියන 75කින් වර්ධනය වී ඇති බව අමෙරිකානු සංගණන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව 2024 ජනවාරි මස පළමු වැනි දා වන විට බිලියන 08ක පමණ පිරිසක් ලොව පුරා ජීවත් වනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ වර්ෂයේ ලෝක ජනගහන වර්ධන වේගය සියයට 1ක අගයක් ගෙන ඇති බව සඳහන් වේ.

ඒ අනුව 2024 වර්ෂය ආරම්භය වන විට සෑම තප්පරයකටම උපත් 4.3ක් වාර්තා වන විට මරණ 02ක් සිදු වීම අපේක්ෂා කෙරෙන බව අමෙරිකානු සංගණන දෙපාර්තමේන්තුව පවසා තිබේ.

Share with your friends :