27 C
Colombo
24/09/2024

බදු ගෙවන සමාගම් ගණන සියයට 10 කින් ඉහළට

Share with your friends :

බදු ගෙවන සමාගම් සංඛ්‍යාව මෙම වසරේ සියයට 10 කින් පමණ වර්ධනය වී ඇති බවත් ඒ අනුව 2022 වසරේ ලියාපදිංචි සිටින බදු ගෙවන සමාගම් 73,444 පසුගිය නොවැම්බර් මස 30 වැනිදා වන සිට 81,909 දක්වා ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ඒ. එම්. නෆීර් මහතා පැවසීය.

පෞද්ගලික බදු ලිපිගොනු 204,467 ක් පමණක් පසුගිය 2022 වසරේ පැවැති බවත් පෞද්ගලික බදු ලිපිගොනු සංඛ්‍යාව මේ වන විට 500,196 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීය.

සියලුම බදු කාණ්ඩවලට ලියාපදිංචි වීම කැපී පෙණෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ද දේශීය ආදායම් කොමසාරිස් ඒ. එම්. නෆීර් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Share with your friends :