27 C
Colombo
24/09/2024

කේක් අළෙවිය සියයට 75 කින් අඩුවෙයි

Share with your friends :

මෙවර උත්සව සමයේදී බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්වූ බවත් නත්තල් උත්සවයේදී කේක් අළෙවිය සියයට 75 කින් පමණ අඩුවී ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

ජනතාව දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වීම නිසා නත්තල් සමයේ පසුගිය වසරවලට සාපේක්‍ෂ කේක් අළෙවිය සියයට 25 ක් දක්වා අඩු වූ බව කී ජයවර්ධන මහතා බිත්තර ඇතුළු කේක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගැනීමේ දැඩි අපහසුතාව ද පැවැති බව ද සඳහන් කළේය.

ආනයනික බිත්තර බේකරිහිමියන්ට නොලැබූ බව කී ඒ මහතා ඒ හේතුවෙන් දේශීය බිත්තරයක් රුපියල් 55 කට මිලදී ගෙන කේක් අඩු මිලට අළෙවි කිරීමේ අපහසුතාවක් පවතින බව ද එන්. කේ. ජයවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.

Share with your friends :