27 C
Colombo
25/09/2024

නුතන යුරෝපා සංගමයේ නිර්මාතෘ Jacques Delors මිය යයි

Share with your friends :

නුතන යුරෝපා සංගමයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන යුරෝපීය කොමිසමේ හිටපු සභාපති Jacques Delors – අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 98 කි;
යුරෝපයේ රටවල් සමූහය තුළ මිනිසුන්, භාණ්ඩ සහ සේවා නිදහසේ ගමන් කිරීමට ඉඩ සලසන තනි වෙළඳපොළක් නිර්මාණය කිරීම සඳහා වූ තම සිහිනය වසර ගණනාවක් වෙහෙසී ඔහු සැබෑකර ගත්තේය.
ඔහු 1985 සිට 1995 දක්වා තනි යුරෝපීය මුදල් ඒකකයක් වන යුරෝ සඳහා පදනම සකස් කළේය.

Delors ගේ දියණිය Martine Aubry පැවසුවේ බදාදා උදෑසන ඔහුගේ පැරිස් නිවසේදී ඔහු නින්දේදී මියගොස් සිටි බවය.
1981-84 කාලයේ ප්‍රංශ මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ ඩෙලෝර්ස් කැපී පෙනෙන සේවාවක් සිදු කළේය.

ඔහු යුරෝපීය කොමිසමේ සභාපති ලෙස තුන් වරක් සේවය කළේය,

ප්‍රංශ සමාජවාදියෙකු වූ ඔහු පශ්චාත් යුධ ඒකාග්‍රතාවය දැඩි ලෙස විශ්වාස කළ අයෙකි.
තනි වෙලඳපොල සහ යුරෝව මෙන්ම, යුරෝපා සංගමයේ ඉහලින්ම සිටි ඔහුගේ ධූර කාලය තුල සංචාර සඳහා Schengen ගිවිසුම සහ ශිෂ්‍ය හුවමාරු සඳහා Erasmus වැඩසටහන නිර්මාණය විය.

1995 දී ඔහුගේ තනතුරෙන් ඉවත් වූ පසු, ඡන්ද විමසීම් වලදී විශාල ඉදිරියෙන්ම සිටියද, ඩෙලෝර්ස් ප්‍රංශ ජනාධිපති ධුරය සඳහා තරග කිරීම ප්‍රතික්ෂේප කළේය.

Share with your friends :