27 C
Colombo
18/01/2025

වාහනවල ආරක්ෂිතභාවයේ ප්‍රශ්නයක් මත ඩයිහට්සු රථ වාහන සමාගම වසා දමයි

Share with your friends :

ටොයොටා සමාගමට අයත් මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන ඩයිහට්සු සිය බලාගාර හතරම ජනවාරි මස අවසානය දක්වා වසා දමා ඇත. එම සමාගම ව්‍යාජ ආරක්ෂිත පරීක්ෂණ සිදු කර ඇති බව පිළිගෙන මෙම වසා දැමීම සිදු කර තිබේ.

එය දශක තුනක් තිස්සේ සිය නිෂ්පාදන 64 ක ආරක්ෂිත පරීක්ෂණ වැරදි ලෙස සිදු කර ඇති බව ඩයිහට්සු සමාගම පිළිගෙන ඇත.
ජපානයේ ඔසාකා හි පිහිටි එහි මූලස්ථානය අවසන් වරට වසා දැමුණේ පසුගිය දෙසැම්බර් 25 වැනිදාය.

මේ හේතුවෙන් එහි සේවකයන් 9,000 ක රැකියා අවිනිශ්චිත භාවයට පත්ව ඇත. ගෝලීය මෝටර් රථ දැවැන්තයා වන ටොයෝටා හි කීර්තිනාමයටද එහි බලපෑම් එල්ලවී තිබේ.
මෙම වංචාවට සම්බන්ධ මාදිලි 64 න් 24 ක් ටොයොටා සන්නාමය යටතේ විකුණනු ලැබ ඇත.1907 වසරේ ආරම්භ කල ඩයිහට්සු සමාගම වාර්ෂිකව මෝටර් රථ ලක්ෂ 11 ක් නිෂ්පාදනය කරනු ලබයි.
ශ්‍රීලංකාවේ ඩයිහට්සු අලෙවි නියෝජිත වරයා වන්නේ සොෆ්ට්ලොජික් ඔටෝමොබයිල් සමාගමයි.

Share with your friends :