27 C
Colombo
18/01/2025

සෑම දරු උපත් 42 කටම නිවුන් දරු උපතක්-වසරකට නිවුන් උපත් ලක්ෂ 16

Share with your friends :

ලෝකයේ සිදුවන දරු උපත් අතරින් සෑම දරු උපත් 42 කටම එක් නිවුන් දරු උපතක් සිදුවන බව හෙළිවී තිබේ.
එසේම මේ වන විට ලොව පුරා නිවුන් දරුවන් ලක්ෂ 16 ක් මේ වන විට සෑම වසරකදීම උපත ලබන බව සඳහන්ය.
දරු උපත් ප්‍රමාද කිරීම හා දරුවන් නොමැති පිරිස් සඳහා නළදරු උපත් ඇතුළු නවීන තාක්ෂණ ක්‍රම අනුගමනය කරමින් කෘතිමව දරු පිළිසිඳ ගැන්වීම් ඇතිවීමත් සමග නිවුන් දරුවන් බිහිවීම වැඩි වුයේ අසුව දශකයේ සිටය. එඅ නුව ලොව පුරා බොහෝ කලාප වල නිවුන් දරු උපත් වැඩිවීම සිදුවූ අතර එය ආසියානු කලාපයේ සියයට 32 ක්ද , උතුරු ඇමරිකානු කලාපයේ සියයට 71 ක්ද විය.
මේ අනුව ලොව සෑම දරු උපත් දහසකටම නිවුන් දරු උපත් දොළහක් සිදුවේ.මෙයින් වැඩිම ඉහළයාම සිදුව ඇත්තේ යුරෝපයේ හා උතුරු ඇමරිකානු රටවලය. එහෙත් අප්‍රිකානු රටවල එවැනි විශේෂ වැඩිවීමක් සිදුවී නොමැත. ඊට හේතුව සාමාන්‍යයෙන් අප්‍රිකානු රටවල වැඩි වශයෙන් නිවුන් දරු උපත් සිදුවීමය.
මේ අනුව දැනට ලොව සිදුවන නිවුන් දරු උපත් වලින් සියයට අසුවක්ම සිදුවන්නේ ආසියානු රටවල හා අප්‍රිකානු රටවලය.

Share with your friends :